gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිටපු ලොක්කන් 50ක අවසන් විමර්ශන ගොනු නීතිපතිට.. ලයිස්තුව මෙන්න..

මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ විමර්ශන අවසන් කළ ගොනු පනහකට ආසන්න ප්‍රමාණයක් නඩු පැවරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් නීතිපතිවරයා වෙත යොමු කරනු ලැබ ඇත.

එම විමර්ශනවලට අදාළ විත්තිකරුවන් සියයකට ආසන්න පිරිසක් සිටින බවත් ඒ අතර හිටපු කැබිනට් ඇමැතිවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, දේශපාලකයන්ගේ ඥාතීන් සහ ටෙන්ඩර් ඇතුළු විවිධ ගනුදෙනුවලට සම්බන්ධ වූ තවත් පිරිස් සිටින බව මූල්‍ය විමර්ශන ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘සතිඅග අරුණ’ට පැවැසීය. හිටපු ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අය ද ඇතුළුව ඇතැම් දේශපාලකයන් සමග ව්‍යාපාර කටයුතුවල නිරත වූ පිරිසක් සම්බන්ධයෙන් ද විමර්ශන අවසන් කර නීතිපති උපදෙස් පතා විමර්ශන ගොනු භාර දී ඇතැයි එම නිලධාරියා පැවැසීය.

අල්ලස් කොමිසම විසින් පැවරූ නඩුවකට අදාළව ඉකුත් දා බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් නියම වූ මහින්දානන්ද අලුත්ගමගේ සහ හිටපු වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු යන දෙදෙනාට තවත් නඩුවක් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ පවරා තිබෙන බවත් ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නන්ද මල්ලවාරච්චි ද එම නඩුවේ විත්තිකරුවෙක් බවත් ඔහු සඳහන් කළේය.

හිටපු ඇමැතිවරුන් වන ඩිලාන් පෙරේරා, විමල් වීරවංශ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් මුසම්මිල් විසින් කර ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාවන්ට අදාළ විමර්ශන අවසන් කර මේ වනවිට නීතිපතිවරයා වෙත යොමුකර තිබේ.

මෙලෙස නීතිපතිවරයා වෙත යොමු කරන ලද ඇතැම් ගොනුවලට අදාළ විමර්ශන අවසන් කර තිබුණ ද ඊට අදාළ ඉදිරි නීතිමය පියවරයන් ගෙන නොතිබූ බවත් වසර හයක පමණ කාලයක් තිස්සේ අතරමග නැවතී තිබූ විමර්ශනවලට අදාළ ගොනු නඩු පැවරීම ඇතුළු ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර තිබෙන බවත් ඉහත කරුණු දැක් වූ නිලධාරියා කීවේය.

ඉෂාර රත්නකාර
Aruna
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka