gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මධ්‍යම අධිවේගයේ කඩවත-මීරිගම කොන්ත‍්‍රාත්තුව අත්හිටුවයි.. ඩොලර් මිලියන 40ක් වන්දි ගෙවන්න වෙයි..

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත ෂරිගම -කොටස ඉදිකිරීමේ වත්මන් ව්‍යාපෘතිය අත්හිටුවීමට ශ්‍රී ලංකා රජය සලකා බලමින් සිටින අතර ඒ සඳහා අදාළ ව්‍යාපෘති සමාගමට ඇමෙරිකානු ඩොලර් මිලියන 40කට අධික වන්දියක් ගෙවීමට සිදුවන බව පැවැසෙයි.

ඒ අනුව, නව කොන්දේසි යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා නව ගිවිසුමක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද රජය බලාපොරොත්තු වන බව වාර්තා වේ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවතමිරිගම් කොටස සඳහා චීන එක්සිම් බැංකුව සහ ශ්‍රී ලංකාව අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 989 ක ණය ගිවිසුමක් අත්සන් කර ඇත. එය මෙම කොන්ත්‍රාත් මිලෙන් සියයට 85ක් ආවරණය වන බව ද පැවැසෙයි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියරේ (කඩවතමිරිගම කොටස) ව්‍යාපෘතියට පළමුවෙන් අත්සන් තැබීම සිදු වූයේ 2015 වසරේදීය.


අද වන විට ඇස්තමේන්තුගත ඉදිකිරීම් පිරිවැය දෙගුණයකටත් වඩා වැඩි වී ඇත. ව්‍යාපෘතිය සඳහා පළමු ගිවිසුම 2015 දී ද, දෙවැන්න 2016 දී ද අත්සන් කරන ලද නමුත්, පසුගිය වසර දහයක කාලයේ පැවැති රජයට ව්‍යාපෘතිය සම්පූර්ණ කරගැනීමට නොහැකි විය.

ව්‍යාපෘතියේ වත්මන් තත්වය පිළිබඳව ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේ. නව ගිවිසුමක් ඇති කරගැනීමේ අරමුණින් පවතින ගිවිසුම අවසන් කරන්නේ නම්, අදාළ ව්‍යාපෘති සමාගමට වන්දි වශයෙන් ගෙවිය යුතු මුදල ගණනය කිරීමේ ක්‍රියාවලිය බලධාරින් මේ වන විට සිදු කරමින් සිටින බවය.


වර්තමාන ව්‍යාපෘතිය අවසන් කර, නව ව්‍යාපෘතියක් නැවත සාකච්ඡා කිරීම වත්මන් රජයට වඩා හොඳ විකල්පයක් යැයි කියන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී අපට ව්‍යාපෘති සමාගමට වන්දි ගෙවීමට සිදු වෙනවා.” යැයි මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය ප්‍රසන්න ගුණසේන මහතා පෙන්වා දුන්නේය.


මෙහිදී වන්දි ලෙස ගෙවිය යුතු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 40 ඉක්මවන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේය.


“අප තවම අවසන් තීරණයක් ගෙන නැහැ. තීරණයක් ගැනීම සතියකින් හෝ දෙකකින් සිදු වේවි. මීරිගම -කඩවත අධිවෙහි මාර්ග කොටස අනිවාර්යයෙන්ම ඉදිකරනවා. ඇතැම් විට එය සිදුවනු ඇත්තේ නව ව්‍යාපෘතියක් ලෙසයි.” යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.


අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර වන මීරිගම කුරුණෑගල කොටස නිම කර ඇති අතර, එය දැනට භාවිතයට ගැනීම ද සිදු වෙයි. කුරුණෑගල -මහනුවර සමඟ සම්බන්ධ කරන අදියරේ ඉදිකිරීම් කටයුතු මේ වන විට සිදු වෙමින් පවතී.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka