gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හරක් කටා ටිරාන්ට දෙන්න හැදුවේ කෝටි 30ක් නෙමෙයි කෝටි 70ක්.. හරක් කටා අද කියපු කතාව සහ එදා ඇමති ටිරාන් කියපු කතාව ඔබ දැනුවත් ද?

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තමන්ගෙන් රුපියල් කෝටි තිහක් ඉල්ලා සිටි බව ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් 'හරක් කටා' පවසයි.

එම මුදල නොදීම හේතුවෙන් තමන් තංගල්ල බන්ධනාගාරයේ තබාගෙන සිටින බවත් ඒ සඳහා මාසයකට කෝටියක පමණක් වියදම් කරමින් සිටින බවත් හෙතෙම කියා සිටියි.

අධිකරණය හමුවේ නඩු කටයුත්තකට අද (14) පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

 

කෙසේවුවද මෙසේ මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමට හරක් කටා වෙත අවස්ථාව සැලසීම කිසියම් සැලැස්මක් අනුව සිදුවූවක් විය හැකිබවට ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අදහස් දක්වා ඇත.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිය තනතුරින් ඉවත් කිරීම සඳහා පත්කරනු ලැබූ පරීක්ෂණ කමිටුවේ කටයුතු කඩිනමින් සිදුවන මොහොතක 'හරක් කටා' විසින් පොලිස්පතිට  එරෙහිව අද දිනයේ ප්‍රසිද්ධියේ සිදුකල ප්‍රකාශය එවැනි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ සැකයට ලක්ව ඇත.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිය තනතුරින් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වූ යෝජනාව, අප්‍රේල් 08 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත විය.

හිටපු ඇමති ටිරාන් එදා කියපු කතාව : ''හරක් කටා' කෝටි 70ක් ඔෆර් කළා''

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් තමන්ගෙන් රුපියල් කෝටි තිහක් ඉල්ලා සිටි බව හරක් කටා පැවසුවද නදුන් චින්තක නොහොත් 'හරක් කටා '  අත්අඩංගුවට ගැනීමෙන් පසු ශ්‍රී ලංකාවට ගෙන්වා නොගෙන ඩුබායි රාජ්‍ය වෙත යවන ලෙස ඉල්ලමින් තමාට මිලියන 700ක අල්ලසක් ලබා දීමට උත්සාහ කල බව හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මිට ඉහතදී ප්‍රකාශකර තිබිණ.

තමා ඒ අවස්ථාවේදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුවත් කල බව ද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබිණ.

හිටපු අමාත්‍ය ටිරාන් අලස් එම කාරණය අනාවරණය කර සිටියේ, 2023 නොවැ 4  දා දකුණු පළාත් පොලිස් ස්ථානාධිපතිවරුන් සහ පොලිස් ප්‍රධානීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.

 

'හරක් කටා' වෙනුවෙන් රජයට මාසිකව රුපියල් කෝටියකට අධික මුදලක් !

මේ අතර 'හරක් කටා' අද (14) ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේ, තමා වෙනුවෙන් රජය මාසිකව රුපියල් කෝටියකට වඩා වැයකරන බවයි.

මැඩගස්කරයේ සිට ශ්‍රී ලංකාවට ගෙනවිත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින හරක් කටා හෙවත් නදුන් චින්තක නැමැත්තා වෙනුවෙන් රජය මාසයකට රුපියල් කෝටියක මුදලක් වැය කරන බවට ඔහුගේ නීතිඥයින් ද පසුගියදා අධිකරණය හමුවේ කරුණු දැක්විය.

නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට එරෙහිව පවතින නඩුවක් ගල්කිස්ස ප්‍රධාන මහෙස්ත්‍රාත් චතුරිකා ද සිල්වා හමුවේ පසුගිය 9 වැනිදා කැඳවූ අතර සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් වන සංජය ආරියදාස, පුබුදු රන්දිම සහ උදුල් ප්‍රේමරත්න කරුණු ඉදිරිපත් කරමින් දන්වා සිටියේ තම සේවාදායකයා වෙනුවෙන් රජයට මාසිකව රුපියල් කෝටියකට අධික මුදලක් දැරීමට සිදුව තිබෙන බවයි.

ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයට අයත් තංගල්ල පැරණි බන්ධනාගාරයේ මෙම සැකකරු පමණක් රදවා තිබෙන බවද, මොහුගේ ආරක්ෂාව සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් 63 දෙනක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලුන් 24ක් ලෙස 87 දෙනෙක් යොදවා තිබෙන බවද නීතීඥින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අනාවරණය කළේය.

එක් සැකකරුවෙක් පමණක් රදවා සිටින බන්ධනාගාරයට මාසිකව රුපියල් ලක්ෂයක ජල බිලක්ද, රුපියල් හැට පන්දහසක විදුලි බිලක්ද ලැබෙන බව සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් අධිකරණයට දැනුම් දුන්නේය.

රාජකාරියේ යෙදී සිටින නිලධාරීන් සදහා වන ආහාර පාන, වැටුප් ඇතුළුව මෙම සැකකරු වෙනුවෙන් පමණක් මසකට රුපියල් කෝටියක පමණ මුදලක් වැය කිරීමට සිදුව තිබෙන බවද නීතීඥයින් අධිකරණය හමුව් කරුණු දැක්වූවේය.

ගාල්ල සහ කොළඹ අධිකරණ හමුවේ විභාගවන නඩු සදහා මෙම සැකකරු තංගල්ලේ සිට රැගෙන එන බවත්, එහිදී ආරක්ෂාව සමග වාහන හතරක් පැමිණෙන බවත්, ගමන් ගන්නා අතර මරද ඇති පොලිස් ස්ථාන විසින් සැකකරුට ආරක්ෂාව ලබාදෙන බවත් පැවසූ නීතීඥයින් එක් සැකකරුවෙක්ට පමණක් මෙතරම් මුදලක් වැය කිරීමට හේතුව කුමක්දැයි විමසා සිටියේය.

මේ අතර සැකකරුට නරක්වූ ආහාර ලබාදෙන බවත්, අසනීපවලට ප්‍රතිකාර ලබාගැනීමට අවස්ථාව නොදෙන බවත්, නීතීඥවරුන් හමුවීමට අවස්ථාව ලබා නොදෙන බවත්, සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ උදුල් ප්‍රේමරත්න වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සදහන් කළේය.

‘හරක් කටාගේ’ අසනීපය ගැන වාර්තාවක් කැඳවයි

මේ වනවිට තංගල්ල විශේෂ බන්ධනාගාරයේ රඳවා සිටින නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් 'හරක් කටා' නැමැත්තාට පවතින රෝග තත්ත්ව පිළිබඳ තංගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරියා හෝ ඔහු විසින් නම් කරන වෛද්‍ය නිලධාරියකු ලවා පරීක්ෂා කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (14) නියම කළේය.

CID අත්අඩංගුවේ සිටියදී පැනයාමට තැත් කිරීම පිළිබඳ සැකකරුට එරෙහි නඩුව අද (14) කොළඹ මහාධිකරණ අංක 06 හි විනිසුරු සුජීව නිශ්ශංක ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විත්තිකාර 'හරක් කටා' විත්ති කුඩුවේ සිට අධිකරණයට කරුණු දක්වමින් තමා කලක පටන් අර්ශස් රෝගය ඇතුළු රෝගාබාධ කිහිපයකින් පෙළෙන බවත් ඒ සඳහා නිසි ප්‍රතිකාර නොලැබෙන බව කියා සිටියේය.

තමා හමුවීමට වෛද්‍යවරයෙකු පැමිණියද ප්‍රතිකාර ලැබෙන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ තංගල්ල ඒකකයේ ස්ථානාධිපතිවරයාගේ අවශ්‍යතා අනුව බවත් වෛද්‍ය නිර්දේශ අනුව නොවන බවත් ඔහු කියා සිටියේය.

ඒ අනුව තමන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසද ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම ඉල්ලීම සලකා බැලූ විනිසුරුවරයා යම් පුද්ගලයකුට රෝගී තත්ත්වයක් පවතින විට එහි වේදනාව දැනෙන්නේ ඔහුට පමණක් බව කියා සිටියේය.

ඒ අනුව විත්තිකරුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට නියෝග කළේය.

විත්තිකාර හරක් කටා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කපිල වෛද්‍යරත්න  අධිකරණය හමුවේ  කරුණු දක්වමින් තම සේවා දායකයා වසර ගණනාවක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයේ පසුවන බව පැවසිය.

ඔහු වෙනුවෙන් ඉදිරියේදී ඇප ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් එය සලකා බැලීමට අධිකරණයට අභිමතයක් තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසිය.

ඉන් අනතුරුව නඩුව ලබන 28 වන දා කැඳවීමට නියම වුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී 'හරක් කටා' නමැති විත්තිකරු පලායාමට කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 22ක් යටතේ නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් 'හරක් කටා', අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබේ.

සැකකාර හරක් කටා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ කපිල වෛද්‍යරත්න,  නීතිඥ උදුල් ප්‍රේමරත්න, නීතිඥ සංජය ආරියදාස සහ නීතිඥ අකිල ජයසුන්දර අධිකරණය හමුවේ පෙනී සිටියේය.

'හරක් කටා' නමැති විත්තිකරු 2023 මාර්තු මස 07 දා ත්‍රස්ත විමර්ශන ඒකකය (TID)  මගින් අත්අඩංගුවට ගෙන මේ වන විට මාස 26ක් වුවද ඔහු කළා යැයි කියන කිසිදු ක්‍රියාවක් පිළිබඳ මේ වනතෙක් නඩු පවරා නොමැති බවත්, එනම් කුඩු කිලෝ ගණන් මෙරටට එවූ බව,  මනුෂ්‍ය ඝාතන විශාල ප්‍රමාණයක් සිදුකළ බව, ආයුධ T56 හරක් කටාගේ නමින් හමුවූ බව මාධ්‍ය මගින් නිරන්තරව ප්‍රචාරය කල ද අත්අඩංගුවට ගෙන අවුරුදු දෙකක් විමර්ශන කලත් ඒවා සම්බන්ධ එකම නඩුවක් වත් පවරා ගැනීමට TID යට නොහැකි වී ඇති බවත්,  පවරා ඇති එකම නඩුව CID යෙන් පැනයාමට තැත් කළ බව කියන මෙම නඩුව පමණක් බවත් නීතිඥ උදුල් ප්‍රේමරත්න අධිකරණය හමුවේ වැඩි දුරටත් පැවසිය.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka