gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

පොලිස් වධහිංසා නවත්වනු! ජීවත් වීම මුලික අයිතිවාසිකමක් කරනු!

පසුගියදා වාර්තා වූ එම්. සත්සර නිමේෂ් මහතා ඇතුළු පොලිස් අත්අඩංගුවේදී සිදුවූ මරණ සම්බන්ධයෙන් අප බලවත් කනස්සල්ල පල කරමු. 

මෙම සිදුවීම් මගින් ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරන අතර ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථාවක් සඳහා ඇති අවශ්‍යතාවය තවදුරටත් ශක්තිමත් කරන බව අපගේ විශ්වාසයයි.

සෑම පුද්ගලයෙකුටම ජීවත් වීමට අයිතියක් තිබේ. එය මූලික මිනිස් අයිතිවාසිකමක් වන අතර එය සියලු තත්වයන් යටතේ ආරක්ෂා කළ යුතුය. කෙසේ වෙතත්, මෙම සිදුවීම් මගින් ශ්‍රී ලංකාව තුළ මෙම අයිතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීම් පෙන්නුම් කරන අතර ම කණගාටුවට කරුණ වන්නේ ‘ජීවත් වීමට අයිතිය’ පවා ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟී තහවුරු කර නොතිබීමයි.

නව ව්‍යවස්ථාවක් සඳහා අපගේ ඉල්ලීම මෙම මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම මත පදනම් වේ. එවැනි ව්‍යවස්ථාවක් මගින් පුද්ගලයන්ට තම අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් වලින් ආරක්ෂා වීමට සහ යුක්තිය සහ වගවීම සහතික කිරීමට හැකි වනු ඇත.

මේ සම්බන්ධයෙන් ගරු ජනාධිපතිවරයා ඇතුළු රජයෙන් පහත සඳහන් ඉල්ලීම් අපි කරමු,

1. එම්. සත්සර නිමේෂ් මහතාගේ මරණය සම්බන්ධයෙන් ස්වාධීන, අපක්ෂපාතී සහ විනිවිද පරීක්ෂණයක් පැවැත්වීම.

2. පොලිසියට එරෙහි පැමිණිලි අධීක්ෂණය කිරීම සඳහා ස්වාධීන කොමිසමක් පත් කිරීම.

3. වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කිරීම.

4. පොලිස් ස්ථාන තුළ වධහිංසා පැමිණවීම වැළැක්වීම සඳහා දැඩි පියවර ගැනීම.

5. පොලිස් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වේගවත් කිරීම.

6. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම.

තවද අප ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ කාරණය සම්බන්ධයෙන් අපට සහාය දෙන ලෙසත් ඔබගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා පෙනී සිටින ලෙසත්ය.

ස්තුතියි.

රාජිත අබේගුණසේකර, විමුක්ති දුෂාන්ත (සම කැඳවුම්කරුවන්)
පුරවැසි ව්‍යවස්ථා සභාව.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka