gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පාසල් සිසුන් ඇතුළු 7ක් අත්අඩංගුවට!

පාසල් දැරියක් සමූහ දූෂණයට ලක්කිරීම සම්බන්ධයෙන් එම දැරියගේ පෙම්වතා බව කියන පාසල් සිසුවා ඇතුළුව පාසල් සිසුන් 5ක් සහ තවත් දෙදෙනෙකු හෝමාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම ප්‍රදේශයේම පාසල්වල ඉගෙනුම ලබන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර පාසල් සිසුන් පස්දෙනා අවුරුදු 15ත් 16ත් අතර වයස්වල සිටින අතර අනෙක් දෙදෙනා අවුරුදු 17ත් 19ත් අතර වයස්වල බව පොලීසිය සදහන් කරයි.

මෙම පාසල් දැරිය උපකාරක පන්තියකට සහභාගි වන බව පවසා තම පෙම්වතා කියන පාසල් සිසුවා හමුවී ඇති අතර එම අවස්ථාවේදී පෙම්වතා කියන සිසුවා විසින් දැරිය රැගෙන ඔහුගේ මිතුරෙකු සිටින හෝමගම ප්‍රදේශයේ නිවසකට ගොස් එම නිවසේදී දැරිය දූෂණයට ලක්කර ඇත.

පාසල් දැරිය උදෑසන 9.00ත් සවස 3.00ත් අතර පැය හයක කාලයක් ඇතුළත තවත් නිවාස තුනකට රැගෙන ගොස් වින්දිත දැරිය සැකකාර පාසල් පෙම්වතා ඇතුළු ඔහුගේ මිතුරන් විසින් වරින්වර බරපතළ ලිංගික අපයෝජනය ලක් කර ඇති බව විමර්ශනයේදී අනාවරණය වී ඇත.

සමූහ දූෂණයට ලක් වූ බව කියන පාසල් දැරිය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර වෛද්‍ය පරීක්‍ෂණයකට ලක් කිරීමට කටයුතු කර ඇති අතර එම දැරියගේ දෙමාව්පියන් විසින් දැරිය සමග පොලීසියට පැමිණ සිදුකළ පැමිණිල්ලක් අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කරයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka