gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකාවේ නිෂ්පාදනය කරන බියර් ප්‍රමිතියට නැති බවට පැමිණිල්ලක්.. පොහොර සහනාධාරයේ සහනයත් බියර් සමාගම් වලටද ? (Video)

මෙරට තුළ බියර් නිෂ්පාදනයේදී නියමිත ප්‍රමිතීන් අනුගමනය නොකරන බව සහ ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් සිවිල් බුද්ධි පෙරමුණේ කැඳවුම්කරු සංජය මහවත්ත මහතා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
වසර 1913 සුරා බදු පනතට අනුව බියර් නිෂ්පාදනයේදී සීනි සහ සහල් භාවිත කිරීම තහනම් වන බවත් ඔහු මාධ්‍යට පැවසීය.

එහෙත් බියර් පානය කරන ජනතාවගේ ශරීර සෞඛ්‍යයට අහිතකර බලපෑම් එල්ල කරමින් වර්තමානයේදී බියර් නිෂ්පාදනයේදී සහල් සහ සීනි භාවිත කරන බවට ඔහු චෝදනා කළේය.

ධාන්‍යවලට වඩා අඩු මුදලකට එම ද්‍රව්‍ය ලබාගත හැකි වීම ඊට හේතුව බවත්, මේ ඔස්සේ වෙළඳපොළට විවිධාකාරයෙන් බලපෑම් එල්ල වන බවත් සංජය මහවත්ත මහතා පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ, බියර් නිෂ්පාදනය කරන එක් සමාගමක් දිනකට සහල් කිලෝ 80,000 ක් පමණ ඒ සඳහා මිලදී ගන්නා බවත්, එය වෙළඳපොළේ සහල් හිඟයට හේතුවක් වන බවයි.

එමෙන්ම වත්මන් ක්‍රියාපටිපාටිය අනුව බියර් හරහා පළිබෝධනාශක ද පාරිභෝගිකයන්ගේ ශරීරගත වන බව ද ඔහු අනාවරණ කළේය.

gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka