gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

ආණ්ඩුව මේ රටේ මිනිස්සු විතරක් නෙමෙයි මෝදිවත් රවට්ටලා! කොළඹ ඉඳන් විවෘත කරපු දඹුල්ල කෘෂි ගබඩා සංකීර්ණය තාම වහලා! වැඩ කරන මට්ටමේ නෑ! හර්ෂ කඩා පනී! මෙන්න වීඩියෝව! VIDEO

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට සංචාරයේදී විවෘත කෙරුණු උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව පාලනය කළ හැකි දඹුල්ලේ කෘෂි ගබඩා සංකීර්ණය මේ දක්වා ක්‍රියාත්මක තත්ත්වයේ නොමැති බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා චෝදනා කරයි.

එහි නිරීක්ෂණයකට ඊයේ (15) එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ අදාළ ගබඩා සංකීර්ණය විවෘත කළ බව පවසමින් වත්මන් ආණ්ඩුව ජනතාව රැවටීමකට ලක්කර ඇති බවය.

උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව පාලනය කළ හැකි පරිදි මෙට්‍රික් ටොන් 5000ක ධාරිතාවක් සහිතව ඉදිකළ දඹුල්ල කෘෂි ගබඩා සංකීර්ණයෙහි ඉදිකිරීම් ආරම්භ වූයේ ඉකුත් 2019 වසරේ පැවති යහපාලන ආණ්ඩු සමයේ, හර්ෂ ද සිල්වා මහතා ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍යධුරය දරමින් සිටියදීය.

කෙසේවෙතත් එම සංකීර්ණය  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට සංචාරයේදී පසුගිය 05 වැනිදා මාර්ගගත ක්‍රමය ඔස්සේ විවෘත කෙරුණි.

එහි වත්මන් ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද එහි ගිය අතර ගබඩා සංකීර්ණයේ තත්ත්වය සම්බන්ධයෙන් මන්ත්‍රිවරයා සිය ෆේස්බුක් ගිණුමේ සජීවී වීඩියෝවක් පළ කර තිබුණි.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka