gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

රනිල් වික්‍රමසිංහ අල්ලස් කොමිසමට පැමිණෙයි!

අද (28) උදෑසන 9.15ට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණියේය.

ඒ මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා, ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස සිටි කාලයේ දී සිදුවුවායැයි පැවසෙන දුෂණ චෝදනාවකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහාය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අප්‍රේල් 17 වනදා අල්ලස් කොමිසම වෙත පැමිණෙන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබුණ ද, එදින ඔහුට පැමිණීමට නොහැකි බවට සිදුකළ දැනුම් දීමකින් අනතුරුව අද දිනයේ දී පැමිණෙන ලෙස දැනුම් දී තිබුණි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka