gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

රනිල් කලබල වෙයි... පිල්ලෙයාන් මුදාගැනීමේ ප්‍රධානියා පළවෙනි නඩුවට සැරසෙයි!

නීතීඥ උදය ගම්මන්පිල ජීවිතේ කවදාකවත් උසාවි ගිහින් නඩුවක් කතා කරලා නැති බවත් ඔහුගේ පලවෙනි නඩුව ලෙස කතා කරන්නේ පිල්ලෙයාන්ගේ නඩුව බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි.

ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කළේ,

“මේ දවස්වල ඕගොල්ලෝ කවුරුත් දන්නවා බොහොම ජනප්‍රිය මාතෘකාවක් තියෙනවා, පහුගිය දවසක නැගෙනහිර පළාතේ හිටපු LTTE නායකයෙක් පස්සෙ කැඩිලා ගියපු පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්තා.

ඔහු රඳවාගෙන ප්‍රශ්න කරනකොට කවුද කලබල ⁣වෙලා තියෙන්නේ.? රනිල් වික්‍රමසිංහ කලබල වෙලා. රනිල් වික්‍රමසිංහ උත්සාහ කරනවා නීති පැත්තක දාලා පිල්ලෙයාන්ට දුරකතනයෙන් කතා කරන්න.

හැබැයි ඉස්සර පොලීසිය නෙමෙයි දැන් තියෙන්නේ. අපි වෙනස් කරලා තියෙන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුව කියනවා එහෙම කරන්න බෑ කියලා. එයා හිටපු ජනාධිපති වෙන්න පුළුවන්. නමුත් නීතිය කාටත් එකයි.

ඊළගට ගම්මන්පිල මහත්තයා උත්සාහ කරනවා එයාට උදව් කරන්න. සාමාන්‍ය කෙනෙකුට මුණ ගැහෙන්න දෙන්න බෑ කීවට පස්සේ ගම්මන්පිල කියනවා එයාගෙ නීතිඥයා කියලා. නීතීඥයා නිසා මුණ ගැහෙන්න ඕන කියලා.

ඔබ දන්නවා නැගෙනහිර පළාතේ කොයි තරම් අපරාධ කරපු කෙනෙක්ද කියලා. අර පොලීසියේ විශාල ගාණක් මරපු සිද්ධියටත් සම්බන්ධයි කියලා කතා වෙමින් තියෙනවා. පාස්කු ප්‍රහාරය ගැනත් සැක තියෙනවා.

මේ ඔක්කොම තියෙද්දී එහෙම අපරාධ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන පිල්ලෙයාන්ව මුදාගැනීමේ ප්‍රධානියා බවට පත් වන්නේ උදය ගම්මන්පිල. කොහොමද කලින් පෙනී හිටියේ.

බුදු අම්මෝ.. සිංහල බෞද්ධ උපරිමයෙන් තමා පෙනී හිටියේ. ඒ කාලෙ ජාතිවාදය වැපුරුවා. දැන් කලබල වෙලා තියෙන්නේ ඇයි.? මතක තියාගන්න මේ රටේ අපරාධ හුදකලා අපරාධ නෙමෙයි. මේ රටේ ගොඩක් අපරාධ පිටිපස්සේ දේශපාලනය තියෙනවා.

එනිසා ඒ අපරාධ වලට යොදාගත්ත කෙනෙක් අත්අඩංගුවට ගත්තට පස්සේ එයාගෙන් මොනවා කියවෙයිද කියලා අනික් කට්ටිය බයේ ඉන්නේ. රනිල් වික්‍රමසිංහටත් බයක් ඇති මොනවා කියයිද කියලා.

එනිසා තමයි උදය ගම්මන්පිල යවන්නේ නීතීඥයෝ බවට පත්කරලා. ඕගොල්ලෝ අහල තියෙනවාද කවදාකවත් ගම්මන්පිල නඩුවක් කතා කරලා තියෙනවා. ජීවිතේ කවදාකවත් උසාවි ගිහින් නෑ. නඩුවක් කතා කරලා නෑ. පලවෙනි නඩුව කතා කරන්නේ පිල්ලෙයාන්ගේ නඩුව.”

ගාල්ල පැවති ජන රැළියක් අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව සඳහන් කරයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka