gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ලොකුම හොරුන්ට කෙඳිරි ගෑවෙයි... සියල්ල හෙළිකරන්න පිල්ලෙයාන් සූදානම්!

පාස්කු ප්‍රහාරය පිටුපස දේශපාලන බලය ඉලක්ක කර ගත් මහා සාහසික අපරාධයක් තිබෙනවා යැයි අමාත්‍ය, සභානායක බිමල් රත්නායක සඳහන් කරයි.

අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ,

“පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් ගැන තිබෙන සැකය ඔප්පු කර ගන්න හමුදාවේ, පොලිසියේ, ආරක්ෂක අංශවල අය මෙහෙයවගන්න හැකියාවක් ලැබුණේ නැත්තේ ඒ අපරාධකරුවෝ ජනාධිපතිලා, අගමැතිලා වෙලා හිටපු නිසයි.

මේවා යට ගහන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 750ක් එක දවසින් මාරු කරන්න ගෝඨාභය ජනාධිපතිවරයා කටයුතු කළා. අද වනවිට මෙයට සම්බන්ධ පොලිසියේ දෙන්නෙක් අත්අඩංගුවට අරන් තිබෙනවා.

වැඩේ දැන් හරිම පැහැදිලියි. වවුනතිව් මුරපොළේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මරා ඒ දේ කළේ LTTE එකෙන් කියා පෙන්වන්න ඔවුන් ළඟ LTTE ජැකට් එකක් දාලා ගිහින් තිබුණා. පහුගියදා පිල්ලෙයාන් අඩංගුවට ගත්තා. දැන් ඇත්ත හෙළිවෙන කොට දන්නවා ඊළඟට එන්නේ ඇත්ත අපරාධකාරයා ළඟට බව.

දැන් පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්තහම රනිල්ට වැඩියෙන් වොෂ්රූම් යන්න අවශ්‍ය වී තිබෙනවා. ඇත්ත අපරාධකාරයන්ගේ ප්‍රධාන පිල්ලිය පිල්ලෙයාන්. දැන් පිල්ලෙයාන් දේශප්‍රේමියෙක් වෙලා. දැන් රාජපක්ෂ පවුලටත් වොෂ්රූම් යන්න වෙලා.

ජන සතුරෝ ඔක්කොම දැන් පිල්ලෙයාන් කරේ තියන් යන්න පටන් අරන්. පිල්ලෙයාන් දැන් හෙළිදරව් කරන්න බලා ඉන්නවා ලංකා ඉතිහාසයේ සිදුවුණු සාහසිකම අපරාධයේ සුලමුල. ඒ නිසා අපි බබා ආණ්ඩුවක් නෙවෙයි. පහුගිය වසර පහට වඩා මේ මාස හතට කුඩු අත්අඩංගුවට අරගෙන තිබෙනවා.

ඉතා ඉක්මනින් නීත්‍යනුකූලව රටේ ඉන්න ඉහළම හොරුන්ට කෙඳිරි ගෑවෙන්න දඬුවම් දෙන්න අපි කටයුතු කරනවා. ජනාධිපති අනුර කුමාර සහෝදරයත් රටේ ධනය හොරකම් කරපු තෝරු මෝරුන්ට දැඩි දඬුවම් දෙනවා කියන අධිෂ්ඨානෙක ඉන්නවා.”

නිවිතිගල ජාතික ජන බලවේග ජන රැලිය අමතමින් අමාත්‍ය බිමල් රත්නායක මේ බව සඳහන්.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka