gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප්‍රහාරයට අවස්ථාව සැලසූ බුද්ධි නිලධාරියෙකු අත්අඩංගුවට!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වගකිවයුතු රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අදාළ නිලධාරියා විසින් පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන්ට එම අපරාධයේ සිදුකිරීම සඳහා අවකාශ සැලසීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් මතයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කරදියනාරු රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත දිසා බුද්ධි කාර්යාංශයේ කොස්තාපල්වරයෙකි.

අදාළ නිලධාරියා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධිත පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන් විසින් සිදුකළ වව්නතිව් පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරින් දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශන නොමග යවා ඒ තුළින් නියම අපරාධකරුවන් අනාවරණය වීම වැළැක්වීම, ඒ තුළින් එම අපරාධකරුවන්ට පාස්කු ප්‍රහාරය දක්වා අපරාධ සිදුකිරීමට  අවකාශ සැලසීම නමැති සංවේදී අපරාධමය කරුණුවලට වග කිව යුතුව ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka