gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

හිටපු වංචනිකයන්ගේ විදෙස් රටවල සියලු ධනය හා දේපල නැවත පවරා ගන්නවා!

මූල්‍ය අවභාවිතාවන් හෝ රාජ්‍ය මුදල් අවභාවිතාවන් පිළිබඳ විධිමත් විමර්ශන සිදු කරන බවත් මෙරටින් රැගෙන ගිය මහා පරිමාණ දේපොළ, ධනය යළි මෙරටට ලබාදීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සදහන් කරයි.

අමාත්‍ය ආනන්ද විජේපාල සදහන් කළේ,

“පසුගිය කාලයේ විශාල වශයෙන් මේ රටේ මූල්‍ය අපරාධයන් සිද්ධ වුණා. රාජ්‍ය මුදල් අවභාවිත කළා. නමුත් මේවා සැබෑ ලෙස විමර්ශනයකින් හෙළිකර ගන්න එතරම් පහසු වුණේ නැහැ. කාලයක් තිස්සේ මේ පිළිබඳ විමර්ශනයක් සිද්ධ වුණත් මේ රටේ සැබෑ ලෙසම මේ වරදකරුවන් නීති රාමුවට හසු කර ගැනීම සඳහා යම් යම් බාධා තිබුණා.

මේ බාධා විශාල ප්‍රමාණයක් ඉවත්කර ගැනීමට මේ පනතින් ඉඩ කඩ සැලසිලා තිබෙනවා. අපරාධයකින් උත්පාදනය වන දේපොළ ආපසු ලබා ගැනීමේ විධිවිධාන මේ පනතේ ඇතුළත් වෙනවා. විමර්ශනය සිදු කිරීම, උත්පාදිත දේපොළ තහනම් කිරීම රජය සතු කිරීම හා බැහැර කිරීමට අදාළ නෛතික පසුබිම මේ පනත් කෙටුම්පතතුළ අන්තර්ගත වෙලා තිබෙනවා.

බොහෝ අවස්ථාවල මෙවැනි මූල්‍ය අවභාවිතාවන්වල යෙදෙන පිරිස් මේ රට තුළ නොවෙයි විදෙස් රටවල මේ මුදල් ආයෝජනය කරනවා. මෙවැනි අපරාධයකින් උත්පාදිතදේපොළ විදේශ රටවල තිබුණත් අපට ඒවා අත්පත් කර ගැනීම මේ පනත තුළින් හැකි වෙනවා.

අපි මැතිවරණ වේදිකාවල වගේම මේ රටේ ජනතාවට ප්‍රකාශ කළේ මෙවැනි ආකාරයේ මූල්‍ය අවභාවිතාවන් හෝ රාජ්‍ය මුදල් අවභාවිතාවන් පිළිබඳ විධිමත් විමර්ශන සිදු කරන බවයි. ඒ වගේම මේ රටින් අරන් ගිය මහා පරිමාණ දේපොළ, ධනය යළි මෙරටට ලබාදීමට කටයුතු කරනවා කියන වගකීම ද ජාතික ජන බලවේග ආණ්ඩුව හැටියට අපි භාරගෙන තිබෙනවා.”

අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවෙිදී මේ බව සදහන් කරයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka