ආණ්ඩුවට ඉදිරි අවුරුදු පහේ කිහිප දෙනෙකු හිරේ දමා තව තවත් බොරු කියමින් කාලය ගත කිරීමට ඉඩ නොතබන බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
ආණ්ඩුව මේ වන විට හොරු අල්ලන පනතක් ද සම්මත කරගෙන ඇති බවත් උගන්ඩාවේ ඇතැයි කී තමන්ගේ සල්ලි ගෙනෙන තුරු ආණ්ඩුව පස්සේ යන බවත් බවත් නාමල් රාජපක්ෂ අවධාරණය කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පළාත් පාලන මැතිවරණ ජන හමුවක් අමතමිනි.
