gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

මර්වින් නැවතත් කූඩුවට... ප්‍රසන්නගේ දේපොළ වෙන්දේසිය අප්‍රේල් 9 කැඳවයි!

මහර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අප්‍රේල් 09 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ ඒ ඔහු ඇතුළු සැකකරුවන් අද (03) මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔස්පු සකස් කර විකිණීමේ සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පසුගියදා පැලවත්ත, බත්තරමුල්ල ප්‍රදේශයේදී මර්වින් සිල්වා මහතා අත්අඩංගුවට ගත්තේය.

එමෙන්ම මේ වනවිට සැඟවී සිටින ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනෙකුගේ දේපොළ රාජසන්තක කරන ලෙසට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇති අතර, එය සලකා බැලීම අප්‍රේල් මස 9 වනදා සිදුකිරීමට නියමිතය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka