gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

මගේ නෝනට අත තිබ්බොත් බලාගමු... ලොහාන්ගෙන් ජනපතිට තර්ජනයක්!

හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පළාත් පාලන මැතිවරණයේ මහනුවර දිස්ත්‍රික් ජන හමුවක් අමතමින් පැවසූවේ තමා පසුගිය මහ මැතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් නොවුණේ තමා මෙතරම් සේවයක් රට වෙනුවෙන් සිදුකර තිබියදී ජනතාවට එහි අගයක් නොමැති බව දැනුනු නිසා බවයි.

තමා කිසිම දිනක පක්ෂය දාලා ගියේ නොමැති බවත් පක්ෂය දාලා යන්නේ නොමැති බවත් සඳහන් කළ රත්වත්තේ මහතා වැඩිදුරටත් පවසා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබා දුන්නේද පක්ෂයේ එකඟතාවය අනුව පමණක් බවයි.

ඔහු පවසන්නේ වත්මන් රජය බලයට පත්වීමට පෙර ලබාදුන් එකදු මැතිවරණ පොරොන්දුවක්වත් මේ වන විට ජනතා වෙනුවෙන් ඉෂ්ට කර නොමැති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රත්වත්තේ මහතා,

“මං දන්න තරමින් මටනම් පොරොන්දු දෙකක් කරා.. මාව හිරේ දැම්මා.. මගේ නෝනවත් හිරේ දැම්මා.. ලැජ්ජයි ජනාධිපතිතුමා. මාව හිරේ දැම්මට කමක් නෑ, මගේ නෝනවත් හිරේ දැම්මා.. මේකද දේශපාලනය. අනුරාධපුර හිටපු මහ ඇමතිතුමා හිරේ දාලා තියෙනවා චන්ද්‍රසේන ඇමතිතුමාගේ නෝනවත් හිරේ දාලා තියෙනවා. තමුන්නාන්සේලා 88-89 කරපු දේවල් වලට තමුන්නාන්සේලා එල්ලුම් ගස් යන්න ඕනේ.

ඒනිසා අපි ඉතාම ගෞරවයෙන් ඉල්ලා හිටිනවා තමුන්නාන්සෙලා මේ රටට හොඳක් කරනවා නම් අපි තමුන්නාන්සේලත් එක්ක ඉන්නවා, හැබැයි එහෙම නැත්නම් අපිටත් විකල්ප මාර්ගයක් ගන්න වෙනවා කියන පණිවිඩය අපි අද දෙන්න ඕනේ.

එනිසා මම ආණ්ඩුවට බනින්න යන්නේ නෑ.. ප්‍රශ්නයක් නෑ.. තමුන්නාන්සේලාට ජනවරමක් ලැබිල තියෙනව.. හැබැයි ඉෂ්ට කරන්න ඕනේ.. ඒක ඉෂ්ඨ කරන්න ඕනේ.. බැරි නම් බෑ කියන්න. නාමල්ට දෙන්න. අපි ඉන්නවා ඒකට උදව් කරන්න.

මහින්දත් තාම ඉන්නවා.. ඒ හින්දා අපි ජනාධිපතිතුමාගෙනුත් අග්‍රාමාත්‍යතුමියගෙනුත් ඒ පක්ෂයේ ඉන්න සියලුම දෙනාගෙන්ම ඉල්ලා හිටිනවා පලි ගන්නෙ නැතුව මේ රට හදන්න.. තමුන්නාන්සේලා දුන්නු පොරොන්දු ටික ඉෂ්ට කරන්න බැරි නම් අපිට දෙන්න.. අපි කරල පෙන්නන්නම්. අපි කරල තියෙනවා. කරන්නත් දන්නවා. මහින්ද මහත්තයා මේ රටට කරපු දේවල් තමුන්නාන්සේලා සියලු දෙනාම දන්නවා.”

මම අනුර කුමාර ජනාධිපතිතුමාට කියනවා මාව හිරේ දාන්න දහ සැරයක් දාන්න පහළොස් සැරයක් දාන්න කිසි ප්‍රශ්නයක් නෑ.. හැබැයි මගේ නෝනට අත තිබ්බොත් නං මම කරන දේ මම දන්නවා”


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka