gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

නෑනගේ තොරතුරු අනුව ඩෑන් ඝාතනය කළ හැටි දුලාන්ගේ පාපොච්චාරණය

ඊයේ (24) ඩෑන් ප්‍රියසාද් ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු බව කියන දුලාන් මධුසංක නැමැත්තා මෙම ඝාතනය මෙහෙයවූ බව පිළිගෙන ඇති අතර ඔහු මෙය සිදුකරන්නට මුල්වූ හේතුද පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබේ.

මෙම සිද්ධිදාමය ඉතා මෑතක පාරවන ලද පැරණි ආරවුලක ප්‍රතිඵලයක් බව ඒ අනුව පෙනී යයි. මෙම ඝාතනය පුද්ගලික ආරවුලක් මත සිදුවූවත් ඊට ආධාර හා අනුබල ලබාදීමට පාතාල නායකයින්ගේ සහයද ලැබී ඇති බව දුලාන්ගේ ප්‍රකාශ වලින් අනාවරණයවී ඇත.

මෙම ගැටුමට අදාළ ආසන්න සිදුවීම පසුගියදා වැල්ලම්පිටිය ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයක් අතරතුර දී ආරම්භවී තිබේ.
ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයා ඝාතනය කළ බවට පැවසෙන පිය පුතු පාර්ශ්වය එම අවුරුදු උත්සවයේදී ඩෑන්ට මුණගැසී ඇති අතර එහිදී ඔහුට තර්ජනය කර ඇති බව හෙළිවී තිබේ.

අනතුරුව පසුගිය 20 වැනිදා ඩෑන් ප්‍රියසාද් එම තර්ජනයට ප්‍රතිචාර ලෙස තවත් පාර්ශවයක් සමග ගැටුමක් ඇති කරගෙන ඇති අතර ඩෑන්ගේ සහෝදරයා ඝාතනය කළ සැකකරුවන්ට අයත් ත්‍රීරෝද රථයක් වෙත කඩාපැන පිහියකින් අනින්නට ඩෑන් උත්සාහ කර ඇත්තේ 20 වනදාය.

ඔහු පිහිය පෙන්වා තර්ජනය කර ඇති අතර මේ සම්බන්ධයෙන් පොලිස් පැමිණිල්ලක්ද අදාළ පාර්ශ්වය විසින් සිදුකර ඇති බව අනාවරණය විය.

ත්‍රිරෝද රථයට කළ පහරදීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලට අනුව පසුගිය 20 වනදා ඩෑන් ප්‍රියසාද්ට පෙනී සිටින ලෙස පොලිසිය දැනුම්දීමක් කර තිබූ නමුත්, එදින ඔහු පොලිසියට නොපැමිණි බව දැනගන්නට ලැබී තිබේ.

අත්අඩංගුවට ගෙන සිටින ප්‍රධාන සැකකරු දුලාන් නමැත්තාට ඩෑන් ප්‍රියසාද් ඝාතනය කිරීමට යොජනා කර තිබෙන්නේ මෙම සිද්ධියෙන් පසුව වන අතර එම සිද්ධියෙන් දින දෙකකදී 22 දා සැලසුම් කරගත් ඝාතනය සිදුකර ඇත.

මෙම වෙඩි තැබීමට ආසන්නම හේතුව අවුරුදු උත්සව ආරවුලට එකට එක කිරීමක් ලෙස සිදුකළ ඩෑන්ගේ උල් ආයුධ තර්ජනය බවත් ඔහු පොලිසියට පවා නොපැමිණ ලොකුකම් පෙන්වූ බවත් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන දුලාන් මධුසංක නැමැත්තා පොලිසිය හමුවේ කියා ඇත.

දුලාන් මධුසංක දැනට ඩුබායි හි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොළොන්නාවේ ධනුෂ්ක නමැත්තාට දුරකථනයෙන් දැනුම් දී මෙම ඝාතනය සැලසුම් කරන්නට උපදෙස් ලබාගෙන ඇති අතර ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් ද මෙම සාකච්ඡාවට සම්බන්ධවී ඇති බව දුලාන් පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඩෑන් ප්‍රියසාද් ඝාතනය කිරිම සැළසුම් ඩෑන්ගේ නිවසේදී කරන්නට උවමනා වූවත් මෙය ඉක්මණින් විය යුත්තක් යයි ලැබුණ අණ නිසා ඔහු එදින නිවසේ නොසිටි හේතුවෙන් බිරිඳගේ නිවසට යන බව තොරතුරු සොයාගෙන එහි ගොස් ඩෑන් ප්‍රියසාද් ඝාතනය කළ බවද සැකකරු පොලිසිය හමුවේ පවසා ඇත.

ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු 07 දෙනෙකු පොලිස් භාරයේ සිටින අතර, එම පිරිස අතර ඩෑන් ප්‍රියසාද්ගේ බිරිදගේ නැගණිය ද සිටින බව පොලිසිය සදහන් කරයි.

ඇය දුලාන්ට ඩෑන් සිටින තැන ගමන් විස්තර සපයා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පැවසේ.

සිද්ධියට සම්බන්ධ බවට සැකපිට ගුවන් ගමන් තහනමක් පනවා ඇති ඩෑන්ගේ සොයුරා ඝාතනය කළ පිය පුතු දෙපළද සම්බන්ධ බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට සොයන අතර ඊට විමර්ශන සිදුකරන බවත්, ඔවුන් මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවත් වාර්තා වේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka