දලදා දැක්ම දීර්ඝ කරන්නෑ.. පහසුකම් දෙන්න අමාරුයි..- දියවඩන නිලමේ මාධ්‍ය අමතයි..
ශ්‍රී දළදා ප්‍රදර්ශනය කලින් සැලසුම් කර තිබූ පරිදිම 27 වෙනි ඉරිදා දිනයෙව් අවසන් කරන බව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩනම නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා සඳහන් කරයි. ඒ අනුව දළදා වන්දනාවේ දිනයන් කිසිදු දීර්ඝ කිරීමක් සිදු නොකරන බවද හෙතෙම පැවසුවේය.
මෙවර දළදා වන්දන අවස්ථා බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි පිරිසක් මහනුවර නගරයට පැමිණ සිටින බවද පැවසූ ඔහු මෙහිදී වන්දනා කරන බැතිමතුන්ට රැඳී සිටීමට සකස් කල සියළු ඒ ප්‍රදේශයත් පිරී ඉතිරී ගොස් ඇති බවත් පැවසීය.
දෛනිකව බැතිමතුන්ගේ පැමිණීම නිසා මේ වන විට වන්දනා කර ගැනීමට ඇති ඉඩකඩවල අඩුවක් පවතින බවත් බැතිමතුන් රාශියක් මේ ප්‍රදේශ තුළ රැඳී සිටීම නිසා පරිසරික වශයෙන් වගේම සනීපාරක්ෂක පහසුකම් සපයා දීමේ අවහිරතාවයන් ඇතිව තිබෙන බවත් පැවසුවේය.
දලදා දැක්ම දීර්ඝ කරන්නෑ.. පහසුකම් දෙන්න අමාරුයි..- දියවඩන නිලමේ මාධ්‍ය අමතයි..
2025-04-25T18:57:00+05:30
Gossip Lanka Hot News






