gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

හරක්කටා නඩත්තු කරන්න රාජ්‍ය වියදම මාසෙකට රුපියල් කෝටියක්?…

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත් අඩංගුවට ගෙන විශේෂ රැඳවුම් නියෝග මත රඳවාගෙන ඇති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙක් මෙන්ම අපරාධ කල්ලි නායකයෙක් වූ නදුන් චින්තක නොහොත් හරක්කටා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවාගෙන තබා ගැනීම සඳහා මසකට මහ ජන මුදලින් රුපියල් කෝටියකට ආසන්න ප්‍රමාණයක් වැය වන බව හෙලි දරවු වී ඇත.

රටේ ප්‍රබල දේශපාලකයින්, ආරක්ෂක අංශ ප්‍රධානීන්, පොලිස් ප්‍රධානීන් සමග සම්බන්ධතා ජාලයක් සහිතව  බිහිසුණු අපරාධ රැල්ලක් ඇති කළ හරක්කටා සම්බන්ධව  කෙළවරක් නොදකින ආකාරයේ විමර්ශනයක් සඳහා ඔහු හුදකලාව රඳවාගෙන තබා ගෙන ඇත්තේ තංගල්ල පැරණි බන්ධනාගාරයේය.  වාර්තාවන ආකාරයට  එහි රැඳවා තබා ඇත්තේ ඔහු පමණකි.

ඔහුගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 63ක්, STF නිලධාරීන් 24ක් ඇතුළු ආරක්ෂක නිලධාරීන් 87ක් පමණ යොදවා තිබේ. එක් නිලධාරියෙකුගේ වැටුප දල වශයෙන් රුපියල් ලක්ෂයක් ලෙස සැලකුවහොත් මාසික වියදම රුපියල් ලක්ෂ 87කි. ආහාර සඳහා එක් අයෙකුට තුන් වේල සඳහා රුපියල් 1150ක වියදම රාජකාරි මාරුව සලකා 50ක් යැයි උප කල්පනය කළහොත් මාසයක් සඳහා ඒ මිල රුපියල් 16,10,000කි.

ජල බිල් සහ වතුර බිල්, මසකට ඔහුව අවස්ථා ගාල්ල කොළඹ උසාවි සඳහා රැගෙන ඒමට පැමිණෙන අවම වාහන 4ක පිරිවැය ගණනය කළ විට එන මුදල ඇතුළු සමස්ථ වියදම රුපියල් කෝටියකට ආසන්න බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මෙම අපරාධකරු මීට වඩා ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ හැකියාවක් පිලිබඳව ආරක්ෂක අංශවල අවධානය යොමු විය යුතු බවත්  ජාතියට අතිශයින්ම වැදගත්වන  ඉදිරි විමර්ශනවල ඵලදායීතාවය දැඩි අවධානයකින් යුතුව හැසිරවීම රටට වැදගත් බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

-lankasara
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka