gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එස්. එම්. රංජිත් බන්ධනාගර මුද්‍රණ අංශයේ සේවයට

වැලිකඩ බන්ධනාගාරයේ වසර 16 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් විඳින උතුරු මැද පළාත් හිටපු මහ ඇමති  එස්. එම්.  රංජිත් මහතා එම බන්ධනාගාරයේ මුද්‍රණ අංශයේ සේවයට යොදවා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.

රංජිත් මහතා සිරගත කළ චෝදනාවටම සිර දඬුවම් ලැබූ ඒ මහතාගේ ඥාතිවරිය වැලිකඩ බන්ධනාගාරයේම කාන්තා අංශයේ රඳවා සිටින බවත් ඇය මේ දක්වා කිසිදු වැඩකට යොමු කර නොමැති බවත් දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

වැලිකඩ බන්ධනාගාරයේ මුද්‍රණ අංශයේ සිර දඬුවම් විඳින විදේශිකයන් වැඩි පිරිසක් සේවය කරන බවත් පොත් බැඳීම, ලිපිගොනුු සෑදීම ආදී වැඩ රැසක් කිරීමේ අවස්ථා උදාවන බවත් එස්. එම්. රංජිත් මහතාට මහාධිකරණයෙන් දුන් සිරදඬුවම සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කළ පසු ඔහුව මුද්‍රණ අංශයේ රාජකාරවලින් ඉවත් කිරීමට නියමිතය.
(යොහාන් භාසුර)
-lankadeepa
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka