gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොළඹ නගර සභා ඡන්ද විමසීම අත්හිටුවමින් අධිකරණ නියෝගයක්…

ඉදිරි පලාත් පාලන මැතිවරණයට අදාලව කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබීය.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ සිය නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් කීපයක් ඉදිරිපත් කළ රිට් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමිනි.

පෙත්සම්වලට අදාළ විරෝධතා මැයි 05 වනදාට පෙර ගොනුකරන ලෙසත් නියෝග කර ඇත.

අතුරු තහනම් නියෝග නිකුත්කර ඇති සෙසු පළාත් පාලන ආයතන වන්නේ හාරිස්පත්තුව, පන්විල, පාතදුම්බර, උඩ පළාත, කුලියාපිටිය යන ප්‍රාදේශීය සභාවන්ය.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka