gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දේශබන්දු යෝජනාවට පක්ෂ රැසකින් රතු එළියක්

පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතා ධූරයෙන් නෙරපීමේ යෝජනාව ගෙන එන  ආකාරය ස්ථාවර නියෝගවලට පටහැනි බව සඳහන් කරමින්   විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී   විරෝධය පළකර ඇත. සමගි ජන බලවේගය,  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ  නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ  නායකයන්  මෙසේ විරෝධය පළ කර ඇත.

මෙහිදී අදහස් දක්වා ඇති සමගි  ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම  බණ්ඩාර මහතා පවසා ඇත්තේ  පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතාට විරුද්ධව මෙවැනි යෝජනාවක් ගෙන ඒමට විරුද්ධ නැතත්  යෝජනාව ගෙන එන ආකාරය ස්ථාවර නියෝග වලට පටහැනි හෙයින් ඊට විරෝධය පළ කරන බවයි.

අධිකරණයේ විනිශ්චයට භාජනය වී ඇති කාරණයක් සම්බන්ධයෙන් විවාද කළ නොහැකි බවට පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 91 ඊ යටතේ පැහැදිලිව දැක්වෙන්නේ යැයිද  එම පක්ෂ නායකයන් එහිදී පෙන්වා දී ඇත.

මේ අනුව එම පක්ෂවල විරෝධය පාර්ලිමේන්තු කටයුතු  පිළිබඳ කාරක සභා රැස්වීමේදී සටහන් කරගෙන ඇතැයි දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රජයේ ප්‍රකාශකයකු පැවසුවේ අධිකරණය හමුවේ විනිශ්චයට භාජනය වෙන කාරණයක් සම්බන්ධයෙන් විවාද කළ නොහැකි බවට ස්ථාවර නියෝග වල සඳහන් වෙතත් කතානායකවරයාගේ අභිමතය පරිදි එවැනි යෝජනාවක් විවාදයට ගත හැකි යැයි යන වගන්තියද   ස්ථාවර නියෝග වල පැහැදිලිවමසඳහන් වන බවයි.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විභාග කිරීම සඳහා කමිටුවක්  පත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ලබන 8  වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතය.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපීමේ යෝජනාව ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් කතානායක වෛද්‍ය ජගත් ජගත් වික්‍රමරත්න  මහතාට පසුගියදා  බාරදෙනු ලැබීය.
(සුජිත් හේවාජුලිගේ)
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka