gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

ඇමරිකා බද්ද ලංකාවට ලොකු නෑ.. ගාමන්ට් වැහුනොත් රැකියා නැති වන අයට දීමනාවක් දෙනවා.. චීනයත් එක්ක හැප්පෙන්න ඇමරිකාවට බෑ..- ටිල්වින්

ඇමරිකාව විසින් ලෝකයටම අදාලවන ලෙස ලෙස පනවා ඇති බදු ‍ලෝකයට සාපෙක්‍ෂව ලංකාවට අදාළව එතරම් විශාල නැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි. ඇමරිකාවට මෙරට අපනයන යන්නේ ටිකක් බවත් ඉන් වැඩි කොටස ඇඟලුම් බවත් ඒ මහතා පෙන්වා දෙයි.

යම් හෙයකින් එම බද්ධ හේතුවෙන් ඇගලුම් කර්මාන්ත ආශ‍්‍රිත රැකියා නැතිවහොත් ඔවුන් වෙන රැකියා අවස්ථා සොයා දෙන තෙක් දියමනාවක් ලබා දෙන බවත් ඒ මහතා පැවසුවේය.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

ඇමරිකාව විසින් පනවා ඇති පද්ධ දීගුකාලීනව පවත්වාගෙන යන්න එයාට බැරි බවත් එම බද්ද හරහා ලෝකයට බලපෑමක් වන සේම ඇමරිකාවටද බලපෑමක් වන බව ඒ මහතා එහිදී පෙන්වා දෙයි.

චීනයත් සමග වෙළඳ යුද්දයක් සිදුකර ඇමෙරිකාවට ජයග්‍රහණය කර නොහැකි බවද එම යුද්ධයෙන් ඇමරිකාව ඇද වැටෙන බව ද ඒ මහතා සඳහන් කළේය.

පවතින තත්වයන් මත ඇමරිකානු ජනාධිපතිවරයාගේ මෙම වැරදි තීන්දුව ඉක්මනින්ම අකුලා ගැනීමට ඔහුට සිදුවුණු ඇති බවද ඒ මහතා එහිදී තවදුරටත් කියා සිටියේය.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka