gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා ! අලුත් අවුරුදු නැකැත් චාරිත‍්‍ර මෙන්න…

2025 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද (14) පූර්වභාග 03.21ට යෙදී තිබූ සුබ මොහොතින් උදාවිය.
මෙවර සිංහල දෙමල අලුත් අවුරුදු නැකැත් චාරිත‍්‍ර මෙසේය.

පුණ්‍ය කාලය 13දා අපරභාග 8.57 ට සිට 14 වැනිදා පූර්වභාග 9.45ට අවසන් වෙයි.

නව අවුරුදු 14 දා පූර්ව භාග 3.21 ට උදාවේ.

ආහාර පිසීමේ නැකත 14 වැනිදා පූර්ව භාග 4.04ට

තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැද ගිනි මොලවා කිරිබතක් ද කැවිලි වර්ගයක් ද දීකිරි සහ විළඳ ද පිළියෙල කර ගන්නා ලෙස නැකත් සීට්ටූවේ දැක්වෙයි.

වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම සහ ආහාර අනුභව කිරීමේ නැකත 14 වැනිදා පූර්ව භාග 6.44 ටයි.

ස්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලූ වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම සුදුසු බව නැකත් චාරිත්‍රවල දැක්වේ.

හිසතෙල් ගෑම 16 වනදා පූර්ව භාග 9.04 ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි උතුරු දිශාව බලා හිසට කොහොඹ පත්ද පයට කොළොන්පත් ද තබා කොහොඹ පත් මිශ්‍ර නානු ගා තෙල් ගා ස්නානය කිරීම සුදුසුය.

රැකී රක්ෂා සදහා පිටත්ව යෑම 17 වනදා පූර්ව භාග 9.03 ට.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka