gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජවිපෙ කියන්නේ දැනුම බුද්ධිය හීන ව්‍යාපාරයක්.. ඔවුන්ගේ ජනරැලිවලට එන්නෙත් බුද්ධිහීනයෝ..- නිර්මාල් රංජිත් දේවසිරි

ජනතා විමුක්ති පෙරමුණ යනු දේශපාලන දැක්ම දැනුම සහ චින්තනමය වශයෙන් ඉතාම දුප්පත් ව්‍යාපාරයක් බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි. එහි ඇතැමුන් පළමු උපාධිය යන්තම් සපුරා ඇති නමුත් ඇතැමුන්ට උපාධි තිබේ යැයි කීවට නොමැති බව ද ඔහු සඳහන් කරයි.

සමහරෙකුට යන්තම් ඉංගි‍්‍රසි පුළුවන් වුව ද බහුතරයකට එවැනි පරිචයක් නොමැති බව ද එම සමස්ත ව්‍යාපාරය නලින් හේවගේ සමන්ත විද්‍යාරත්න වැනි අයගෙන් සමන්විත බව ද ඒ මහතා පවසයි.

නලින් හේවගේලා ජන රැලිවල දී අමතන්නේ සිය කතා ඇසීමට පැමිණෙන එතරම් බුද්ධිමත් නොවන ජනතාව බවට ඔහු සිදුකරන ප්‍රකාශය සත්‍ය බවත් ඔහු තව දුරටත් පවසයි.

තම යූ ටියුබ් නාලිකාව ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka