දිඹුලාගල නවගහඇල ග්‍රාම නිලධාරී කාර්යාලය අසල ඉදිකර තිබූ බුදුකුටියට සහ එම බුද්ධ ප්‍රතිමාවට මෙන්ම ගම්මානයේ ගණදෙවි රූපයට ඊයේ ( 26 ) දිනයේ දී හානි කිරීම සම්බන්ධව ගම්වාසින් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බව බව සිරිපුර පොලිසිය පවසයි.
මීට අමතරව නවගහඇල ප්‍රදේශයේ ගොවීන් විසින් යල මහ දෙකන්නයේ කිරී උතුරන ස්ථානයේ තිබූ ගණදෙවි රූපයටද හානිකර ඇති බව පොලිසිය සඳහන් කරයි.
අප මේ පිළිබඳව සිරිපුර පොලිස් ස්ථානයෙන් දුරකථනයෙන් කළ විමසීමකදී එහි පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී.ආර්.ජී නෙත්තසූරිය සඳහන් කළේ මෙය ආගමික ආරවුලක් නොවන බවත්, මත්ද්‍රවවලට ඇබ්බැහි වූවෙකු මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සඳහා මුදල් සෙවීමේ අරමුණින් ගණදෙවි රූපය සහ බුද්ධ ප්‍රතිමාව කඩා විනාශ කර ඇති බවත්ය.
සැකකරු වසරක කාලයක්, මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි නිසා පුනරුත්ථාපනය වු පුද්ගලයකු බවත්, එම පුද්ගලයා අයිස් මත්ද්‍රව්‍ය සමඟ මෑතකදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල අයෙකු බවත්, මෙම පුද්ගලයා විසින් බුද්ධ ප්‍රතිමාවට සහ බුදු කුටිය මෙන්ම ගනුදෙවි රූපයට හානිකර ඇති බවට මේ විට හඳුනාගෙන ඇති බවද සිරිපුර පොලිසිය සඳහන් කරයි.
සැකකරු නවගහඇල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 32ක් පමණ වයසති අයෙකු බවත්, ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු කඩිනමින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බවද පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කිව්වේය.
සිද්ධිය සම්බන්ධ වැලිකන්ද ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී එම්. එස්. එම්. ජරූල්ගේ උපදෙස් මත, සිරිපුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී.ආර්.ජී. නෙත්තසූරිය මහතා ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරයි.
-මනම්පිටිය නිමල් ජයරත්න