gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රජයටත් බෑ... අදානිටත් බෑ... මන්නාරම බලාගාරය ටිකක් නවතී!

රජයට සහ අදානි සමාගමට මන්නාරම සුළං බලාගාරය දැන්ම ආරම්භ කළ නොහැකි බවත් එයට හේතුව ඉඩම් සම්බන්ධයෙන් නඩුවක් පැවතීම බවද විදුලිබල හා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පාර්ලිමේන්තුවෙිදී සදහන් කරයි.

අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි සදහන් කළේ,

“ගිවිසුම අත්සන් කිරීමට ගත් තීරණය තමයි අවලංගු කළේ. කැබිනට් මණ්ඩලය එය සමාලෝචනය කිරීමට තීරණය කළා. ඒ අතරෙදි තමයි සමාගම අයින් වෙන්න අවශ්‍යයි කියලා ආයෝජන මණ්ඩලයට ලිපියක් එව්වේ. අදාළ ලංකා සමාගම අපිට ලිපියක් ඒවා තියෙනවා.

අපි ඒ ලිපිය අධ්‍යයනය කරලා ඉදිරියේදී කටයුතු කරනවා. රටවල් දෙකක් කියල පිළිගත්තේ කලින් කැබිනට් මණ්ඩලය. ඒක නිවැරැදි කරන්න තමයි අපි කටයුතු කරගෙන යන්නේ. ඒ ලිපිය අද ගෙනාවේ නෑ. ඕනෑ නම් ඉදිරිපත් කරන්න පුළුවන්.

මුලින්ම මේකේ පැටලුම් ටික ඇරගන්න ඕනෑ. මාස තුනක් දැනටමත් ගිහිල්ලා. සුළං බලාගාරය ආශ්‍රිත ඉඩම් සම්බන්ධයෙන් නඩු තියනවා. ඒ නිසා ඒක ආරම්භ කරන්න අපිටත් බෑ. ඒ ගොල්ලන්ටත් බෑ. ඊළඟ නඩු දිනය තියෙන්නේ මැයි මාසයේ.

ලංකාවේ අදානි සමාගමගෙන් අපි මේ ගැන විමසා තියෙනවා. ඒ ගොල්ලන් කරන්නේ නැත්නම් අපි වෙනත් මිල කැඳවීම් වලට යන්න ඕනෑ. අපි තරගකාරී මිල කැඳවීම් වලට යනවා. මෙගාවොට් දෙසිය පනහ තමයි අදාළ සමාගම හරහා තියෙන්නේ.”
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka