මහජන ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය ඇමති සුනිල් වටගල විසින් රටටම පෙනෙන ලෙස බූරුවා කියා බැන වැදුන ඔහුගේ රියදුරා වාහනය භාර දී සේවයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.
මෙම තරුණයාට මේ සිද්ධියෙන් අනතුරුව මුළු අමාත්‍යාංශයම පාහේ බූරුවා ලෙස අමතන්නට පටන් ගෙන ඇති බවත් ඒ තත්ත්වය තුළ රැකියා පරිසරයට මුහුණ දෙන්නට බැරිවී ඔහු මීට දින 05කට පෙර සේවයෙන් අස්වී ගොස් ඇති බවත් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
ගණේමුල්ලේ සංජීව අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ ඝාතනය වූ දිනයේ දී හදිසියේ එතෙනට පැමිණි නියෝජ්‍ය ඇමතිවරයා හැමදාම වොයිස් කට් ලබා දී පුරුදු කැමරා ඉදිරියේ දී නිරුත්තර වී ඒ කලබලය අතර මගහැරුණ රථයේ රියදුරා සොයමින් මේ බූරුවා කොහෙදැයි ඇමතූ අකාරය රට තුළ දැඩි සංවාදයකට ලක් වූයේය.
අවසානයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්සට සිය රියදුරාට බූරුවා කී ඇමතිවරයා වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කරන්නටත් සිදුවූයේ
