gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

'වැලිගම 'W15' හෝටලයේ ජරමරය' : ඇත්ත නැත්ත අහන්න හිටපු ඇමතිව සී.අයි.ඩියට කැඳවයි

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි 'W15' හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන්  වැඩි දුරටත් තොරතුරු දැනගැනීම සඳහා හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හෙට (සඳුදා 31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගත් අතර දේශබන්දු තෙන්නකෝන් හැර සෙසු සැකකරුවන්ට ඇප ලබා දී ඇත.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් හිටපු ඇමතිවරයා වැඩි දුරටත් තොරතුරු දන්නා බවට ඇතිවූ සැකය මත මෙලෙස ප්‍රශ්න කිරීමට නියමිතව ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

එම සිද්ධියට දින කිහිපයකට පසු (2024 ජනවාරි 18) මාධ්‍ය හමුවක් කැඳවමින් හිටපු අමාත්‍යවරයා විසින් කළ අනාවරණයන් සම්බන්ධයෙන් ද කරුණු විමසීමට නියමිතව ඇතැයි පැවසේ.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka