gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

වංචා දූෂණ ටික ඉස්සර වගේ ම වෙනවා… කොමිස් කුට්ටිය මන්ත්‍රීට නෙමෙයි, පක්ෂ අරමුදලට යනවා…! – දිලිත් ජයවීර…

ලංකාවේ යම් දූෂණ ප්‍රමාණයක් සිදුවෙමින් පැවතියේ ද එය ඒ ආකාරයෙන්ම තව දුරටත් සිදුවන බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.
ඊට අදාළ මුදල් පසුගිය සමයේ දේශපාලනඥයන් අතට ගිය ද මේ වන විට එය අරමුදලක් ඔස්සේ ගමන් කරන බවට සාධාරණ සැකයක් ඇති බවයි, ඔහු සඳහන් කළේ.

රතු ලේබල් සහිත කන්ටේනර් 300ක් බදු නොගෙවා එළියට ගිය ආකාරය තවමත් අභිරහසක් බවත් ඊට අදාළ සියලු මුදල් උමා ඔය ව්‍යාපෘතිය සේ එක තැනකට ගලා බසින බවත් දිලිත් ජයවීර ප්‍රකාශ කරයි.

මේ වන විට දීමනා ද ඇතුළත් ලක්ෂ 8ක මන්ත්‍රී වැටුප පක්ෂ අරමුදලට ගෙන රු. අසූ දහසක් මන්ත්‍රීට ලබා දෙන බවත් විවිධ වංචනික ක්‍රමවේද ඔස්සේ ජීවත් වීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට ඔවුන් පොළඹවා ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

අද (29) බදුල්ල දිස්ත්‍රික් සර්වජන බලය පළාත් පාලන නියෝජිත හමුවක් අමතමින් දිලිත් ජයවීර මේ බව කීය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka