gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ගම්මන්පිල නිදොස් කොට නිදහස් කෙරේ.. ඔ්ස්ටෙ‍්‍රිලියානුවෙකුට වංචා කලැයි නඩුවේ අවසන් තීන්දුව මෙන්න

ඔස්ට්‍රේලියානු ව්‍යාපාරිකයකුගේ සමාගම් කොටස් ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කොට විකුණා මුල්‍ය වංචාවක් කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියම කලේය.

විත්තිකරුට එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී තිබෙන හෙයින් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන බවත් විනිසුරුවරයා සඳහන් කලේය.

1996 සැප්තැම්බර් 26 සහ 1997 සැප්තැම්බර් මස 25 වැනිදා අතර කාලසීමාව තුළ ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික් නමැත්තාට අයත් සමාගමක නමින් මිලදී ගෙන තිබූ පෑන් ඒෂියා බැංකුවට අයත් කොටස් මිලියන 21ක් ව්‍යාජ ඇටෝනී බලපත්‍රයක් සකස් කොට විකිණීම තුළින් රුපියල් මිලියන 21ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සහ ව්‍යාපාරිකයකු වන සිඩ්නි ජයසිංහ යන අයට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබින.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka