gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

“බටලන්ද ගැන නිදහසට කාරණා කියන්න දැන් රනිල් ප්‍රමාද වැඩියි... අපි නීතිය ක්‍රියාත්මක කරනවා”- නලින්ද කියයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව ගැන කතා කිරීමට දැන් ප්‍රමාද වැඩි බව පවසමින්, වාර්තාව මත පදනම්ව රජය නීතිමය පියවර ගන්නා බව අමාත්‍ය නලින්ද ජයතිස්ස ඊයේ පැවැසීය.

පොරොන්දු වූ පරිදි රජය වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළ බවත්, අප්‍රේල් 10 සහ මැයි මාසවල දින දෙකක විවාදයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් ඔහු වාර්තාකරුවන්ට පැවසීය.

“මේ කාරණය සම්බන්ධයෙන් කමිටුවක් පත්කිරීමට රජය තීරණය කර තිබෙනවා. අපි වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට ද යොමුකරනවා,” ඔහු පැවැසීය.

එක්සත් ජාතික පක්ෂය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේග කණ්ඩායම විවාදයට එරෙහිව තර්ක කළ බවත්, ආණ්ඩුව විවාදය සඳහා දිනයක් වෙන්කිරීමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

“රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යුක්තිය සඳහා අපි විවාදය පවත්වනවා. ජනතාව සත්‍යය දැනගත යුතුයි,” ඔහු පැවැසීය.

බටලන්ද සිද්ධිය පිළිබඳව A සිට Z දක්වා දන්නා පුද්ගලයා හිටපු ජනාධිපති වික්‍රමසිංහ බවත්, මෑතකදී අල් ජසීරා නාලිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී එය මතුකරන තුරු ඔහු ඒ ගැන කතා නොකළ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

“අද නෙවෙයි. රනිල්ට පහුගිය අවුරුදු 35 පුරාම ඒ ගැන කතා කරන්න තිබුණා. අල් ජසීරා ඒ ගැන කතා කරනකම් ඔහු කිසිවක් කිව්වේ නැහැ. රනිල් දැන් ප්‍රමාද වැඩියි,” ඔහු පැවසීය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka