මන්ත්‍රීවරුන්ට ලබාදෙන වරප්‍රසාද අඩු කිරීම මගින් රට තවත් ආගාධයට යන බවත්, එම මන්ත්‍රීලාගේ ජීවිත්වීම අමාරු කිරීම මගින් රටක් දියුණු කළ නොහැකි බවත් ඛෙල්ලන්විල ධම්මරතන හිමියෝ පවසති.
උන්වහන්සේ මේ බව පැවසුවේ සර්වජන බලය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා උන්වහන්සේ බැහැදැක සිදුකළ සාකච්ඡාවේදීය.
මේ අතර, ජනතාව අද පහසුවෙන් ජීවත් වන්නේ රට වැටුණු අවස්ථාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගත් තීන්දු තීරණ නිසා බව දොඩම්පහළ රාහුල නා හිමියෝ පැවැසූහ.
රාහුල නාහිමියන් මෙසේ පැවසූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානයේදී පැවති ආගමික වතාවත් සඳහා සහභාගී වෙමිනි.
ඡන්දය කිට්ටු වෙද්දී ‘සර් තෙල් ගෙන්නන්න, එල් සී ඕපන් කරන්න එපා‘ කියා යටින් කී බවත්, එහෙත් රනිල් වික්‍රමසිංහ රට ගැන සිතා එවන් තීන්දු නොගත් බවත් උන්වහන්සේ පවසති.
ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ආගමික වතාවත් පැවැත්විණි.