gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලිංගික හිංසනයට ලක්වූ වෛද්‍යවරිය වෙනුවෙන් නලින්දගෙන් මානුෂීය ආයාචනයක්!

ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සිය ‘X’ ගිණුමේ පණිවුඩයක් තබමින් පවසන්නේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වූ අවාසනාවන්ත සිදුවීමට සම්බන්ධ වෛද්‍යවරියගේ අනන්‍යතාවය හෙළි කිරීමෙන් වැළකී සිටිනා ලෙසයි.

එමෙන්ම ඇයගේ පෞද්ගලිකත්වයට ගරු කරමින් අදාල වාර්තා පළකරන්නැයිද සියලුම මුද්‍රින හා ඩිජිටල් මාධ්‍ය වලින් ඇමතිව්රයා එම සටහන ඔස්සේ ඉල්ලා තිබෙනවා.

මේ අතර, අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට සිදු වූ ලිංගික අතවරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ බලවත් කම්පනය හා විරෝධය ද නිවේදනයක් මඟින් ප්‍රකාශ කර තිබෙනවා.

එම සංගමයද සියලු මාධ්‍ය වලින් ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පෑ වෛද්‍ය වරියගේ පෞද්ගලිකත්වය හා අනන්‍යතාවය සුරැකෙන පරිදි කටයුතු කරන ලෙසයි.

සිය සේවා ස්ථානය තුළ ආරක්ෂිත බව තහවුරු කිරීමකින් තොරව මෙම වෘත්තිකයින්ට සිය සුවසේවා කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යාම අභියෝගාත්මක එකක් බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka