චන්ඩි මර්වින් බයෙන් ගැහෙයි!
ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් මේ වනවිට මහර බන්ධනාගාර රෝහල් වාට්ටුවක පසුවන හිටපු අමාත්‍ය මර්වින් සිල්වා බන්ධනාගාරය තුළ දැඩි බියකින් පසුවන බව වාර්තා වේ.
බන්ධනාගාර රෝහලේ වාට්ටුවක රඳවා සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට කිසිදු අමතර පහසුකමක් සපයා නොමැති අතර රෝහලේ උපස්ථායකයන් වෙනුවට සේවය කරනුයේ එහි සිරකරුවන් බැවින් ඔහුට ඔවුන්ගේ පිහිට පැතීමට සිදුව ඇත.
සැකකාර මර්වින් සිල්වා සිටින රෝහල් වාට්ටුවට රැඳවියන් නිතර පැමිණීම සහ ඔවුන්ගෙන් තම ජීවිතයට කිසියම් ප්‍රහාරයක් එල්ල වේවිද යන්න ගැන ඔහු දැඩි බියකින් සහ සැකයකින් පසුවන බවද වාර්තා වේ.
කෙසේ වෙතත් සැකකාර මර්වින් සිල්වා සමග බන්ධනාගාර ගතකළ අනෙක් සැකකරුවන් දෙදෙනා රෝහලට යාබද සිර වාට්ටුවක රඳවා ඇති බව වාර්තා වේ.
චන්ඩි මර්වින් බයෙන් ගැහෙයි!
2025-03-13T08:39:00+05:30
Gossip Lanka Hot News






