රටේ ජනතාවගේ මුදල් රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයකට වැඩි මුදලක් උපාලි අබේරත්න කොමිෂන් සභාව විසින් කාබාසිනියා කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සදහන් කරයි.
එම කොමිසම පත් කළ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ උපාලි අබේරත්න ඇතුළු එම කොමිෂන් සභා සාමාජිකයන්ගෙන් රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයකට වැඩි මුදල අයකර ගත යුතු බවද අමාත්‍යවරයා සදහන් කරයි.
මෙම කොමිසමට, දුෂිත පුද්ගලයන්ගේ පැමිණිලි බාරගෙන රජයේ නිලධාරීන්ට එරෙහිව කටයුතු කිරීම පැවරී තිබූ බවත් එහි නිර්දේශ සියල්ල නීතිවිරෝධී බව කියමින් ඒවා ශ්‍රේෂ්ඨාධිකරණය පසුව අහෝසි කළ බවද අමාත්‍යවරයා සදහන් කරයි.
රටේ ජනතාව රැවටීමට භාවිත කළ මෙවැනි කොමිෂන් සභා ගැන විශේෂ විමර්ශනයක් ආරම්භ කළ යුතු බවත් මහජන අභිලාෂ ඉටු කිරීමට ජාතික ජන බලවේග රජය උපරිම ධෛර්යයෙන් කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා සදහන් කරයි.
පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථා විවාදයේදී අමාත්‍යවරයා මේ බව සදහන් කරයි.
