gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අරගලය දඩ මීමා කරගත් මැති ඇමති 50කගේ සිහින බොඳවෙයි!

නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතා පවසන්නේ අරගල සමයේදී නිවාස ඇතුළු දේපළ අහිමි වූ හිටපු මැති ඇමතිවරුන් පනස් දෙනකු වියත්පුර නිවාස සංකීර්ණයෙන් කුණු කොල්ලෙට නිවාස ලබා ගැනීමට දැරූ උත්සාහයක් අත්හිටවූ බවයි.

ඔහු පවසන්නේ අරගල අවස්ථාවේදී දේපල හානි වූ හිටපු මැති ඇමතිවරුන් 76 දෙනෙකුට නිවාස ලබාදීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබුණද නාගරික සංවර්ධන අධිකාරිය සමඟ ගිවිසුමක් අත්සන් කර තිබුණේ 26 දෙනකු පමණක් බවයි.

මේ වනවිට එම ගිවිසුම් අත්සන් කර නොතිබූ ඉතිරි 50 දෙනාට නිවාස ලබාදීම අත්හිටවූ බවත් එමෙන්ම ඉතාම අඩු මුදලට නිවාස ලබාගත් හිටපු නැති ඇමතිවරුන් 26 දෙනාගෙන් රජයේ පාඩුව අය කර ගැනීමට කටයුතු කරනා බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

වියත්පුර නිවාස සංකීර්ණයෙන් මෙලෙස අඩුවට නිවාස ලබා ගැනීමෙන් රජයට සිදු වූ පාඩුව රුපියල් කෝටි 22 කට අධික බව නාගරික සංවර්ධන නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යාංශය පවසයි.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතා පැවසුවේ හිටපු මැති ඇමැතිවරුන් වෙනුවෙන් වියත් පුර නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාදීමට කැබිනට් අනුමැතියක් ලබාගෙන ඇති හෙයින් එම කැබිනට් අනුමැතිය පිළිබඳව කිසියම් අධ්‍යයනයක් කරගෙන යන බවයි.

බහුතරයක් මැති ඇමතිවරුන් දේපළ හානි වන්දි මුදල සහ වියත්පුර නිවාස යන දෙකම ලබාගෙන ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka