නිවස පරීක්ෂා කළැයි දේශබන්දුගේ බිරිඳට ඩෝං නැගලා!
දේශබන්දු තෙන්නකෝන්ගේ බිරිඳ විසින් අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඒ සෝදිසි වරෙන්තුවක් නොමැතිව පොලිස් නිලධාරීන් පිරිසක් හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිවස පරීක්ෂා කළ බවට චෝදනා කරමින්.
ඊයේ රාත්‍රී (18) එම නිවස පරීක්ෂා කළ බවත් එම නිවසේ තිබී දේශීය හා විදේශීය මත්පැන් බෝතල් 1009ක් සොයා ගත් බවත් ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් මත්පැන් බෝතල් ඉදිරි විමර්ශන සඳහා අතුරුගිරිය පොලිසිය භාරයට ගෙන ඇත.
නිවස පරීක්ෂා කළැයි දේශබන්දුගේ බිරිඳට ඩෝං නැගලා!
2025-03-19T14:44:00+05:30
Gossip Lanka Hot News





