gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..?

රක්ෂිත බන්ධනාගාර ගත කරන ඕනෑම රැඳවියකු ඊට ඇතුළු කරගැනීමට පෙර නිරුවත් කර සෝදිසි කිරීමකට ලක් කරන බව නීතිඥ චානක අභයවික්‍රම මහතා සඳහන් කරයි.

ඒ අනුව එම කාර්යය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ටද සිදු කරන්නට ඇති බවද ඔහු පැවසීය.

අනෙක් රැුදවියන් හා සමානව අවම පහසුකම් බන්ධනාගාරය තුළදී ඔහුට හිමිවනු ඇති බවත් සිර දඬුවම් නියම වූ සිරකරුවන්ට අදින්න්ට නියම වන ජම්පරය ඇදීමේ අවශ්‍යතාවක් නැති බවත් ඔහු කියා සිටී.

සිමෙන්ති පොළොවේ නිදාගැනීමට සිදුවුණු ඇති බවත් පැවසූ ඔහු වෛද්‍යවරුගේ නිර්දේශයක් මත පැදුරක් හෝ මෙට්ටයක් ලබා ගැනීමට හැකියාව ඇති බවද සඳහන් කළේය.

නමුත් පිටතින් ආහාර ලබා ගැනීමේ හැකියාව ඇති බවත් ඖෂධ හෝ වෙනත් සෞඛ්‍යමය අවශ්‍යතා වෛද්‍යවරුන් නිර්දේශ මත හිමි වනු ඇති බවද කියා සිටී.

මාතර මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් අප්‍රේල් මස තුන්වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද පස්වරුවේ දුම්බර බන්ධනාගාරය වෙත ගෙන ගියේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka