පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග ධූරයෙන් ඉල්ලා අස්වෙන්න හදයි!
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයෙන් ඉල්ලා අස්වීම සඳහා සූදානම් වනබව පොලිස් ආරංචි මාර්ග පවසයි.
සිය තනතුරින් ඉල්ලා අස්වීම සඳහා වූ ලිපිය ඔහු වැඩ බලන පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව ද එම ආරංචි මාර්ග පවසයි.
පසුගිය වකවානුවේ ඔහු වෙත එල්ල වූ රාජකාරි පීඩනය මෙම ඉල්ලා අස්වීමට හේතු වූ බව දැනගන්නට ඇත.
මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංගගෙන් විමසීමට අවස්ථා කීපයක දී ලංකාසර කළ උත්සාහය ව්‍යර්ථ විය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග ධූරයෙන් ඉල්ලා අස්වෙන්න හදයි!
2025-03-21T07:13:00+05:30
Gossip Lanka Hot News






