දේශබන්දුගේ බිරිද සොයාගනී... CID ප‍්‍රශ්ණ කරයි
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බිරිඳගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
තෙන්නකෝන් මහතාගේ බිරිඳ සහ පුත්‍රයා ඔවුන්ගේ නිවසට පැමිණ සිටී.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ඇතුළු අට දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 28 වැනි දා නියෝගයක් නිකුත් කළේය.
නමුත් එම නියෝගය ලබාදී අදට සති දෙක ඉක්මවා ඇතත් මේ වන විටත් ඔහු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සොයා ගැනීමට පොලිසිය සමත් වී නැත.
දේශබන්දුගේ බිරිද සොයාගනී... CID ප‍්‍රශ්ණ කරයි
2025-03-15T13:20:00+05:30
Gossip Lanka Hot News





