gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යුක්තියේ පියා දේශබන්දු අතුරුදන්... අත්අඩංගුවට ගන්න විශේෂ මෙහෙයුමක්!

මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට නියෝගයක් නිකුත් කළේය.

2023 වසරේ දෙසැම්බර් (31) වෙනිදා මාතර වැලිගම ප්‍රදේශයේ හෝටලයකදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකින් පොලිස් නිලධාරියෙකු මිය යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පදිංචි නිවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් සෝදිසියකට ලක්කර ඇති අතර එම අවස්ථාවේදී ඔහු නිවසේ සිට නැති බව වාර්තා වේ.

කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සදහා දිවයින පුරා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka