gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

කෝප් කමිටුවේදී බිත්තියටම හේත්තු වූ නිලධාරීන් බාල බෙහෙත් ගෙන්වූ හැටි වමාරයි

පෙරේදා පැවැත්වූ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ (26) සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු අනාවරණය කර සිටියේ ප්‍රමිතියෙන් තොර ඖෂධ ගැන්වීම සඳහා ඉන්දීය ඖෂධ සමාගමේ නම යෝජනා කළේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක් වැල්ල මහතාගේ උපදෙස් මත බවයි.

අදාළ සෞඛ්‍ය අංශු නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා ප්‍රශ්න කිරීමේදී මේ තොරතුරු අනාවරණය විය.

එම ඖෂධ වෙනුවෙන් සේවරිට් සමාගම ඇතුළත් කිරීමට උපදෙස් දුන්නේ ලේකම්වරයා බවත් ලේකම්වරයාට උපදෙස් දුන්නේ කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයා බවත් අමාත්‍යාංශ නිලධාරියෙක් පැවසීය.

ඒ සැපයුම්කරු කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට යෝජනාවක් දී තිබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා පැවසීය.

වෛද්‍ය සැපයුම් මංශයේ ඖෂධ 151ක් සහ ශල්‍ය වෛද්‍ය උපකරණ 5278ක් ශූන්‍ය මට්ටමක පවතින බවට තොරතුරු තිබුණේදැයි කෝප් කමිටුවේ සභාපති මන්ත්‍රී නිශාන්ත සමරවීර මහතා මෙහිදී ප්‍රශ්න කළේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka