රිලා සංගණනයට සහභාගී වීම සඳහා පාර්ලිමේන්තුවට නිවාඩු දෙන ලෙස බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අද (14) පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය.
ඔහු කීවේ මේ තරම් වියදම් කර සංගණනයක් කරද්දී ඊට එක්වීමට පාර්ලිමේන්තුවේ නියෝජිතයින්ටත් අවස්ථාව සැලසිය යුතු බවය.
චාමර සම්පත් මන්ත්‍රීවරයා කීවේ මෙවැන්නකි.
කතානායක තුමා… හෙට අපට නිවාඩු දෙන්න ඕන හරිනම් පාර්ලිමේන්තුවේ. මොකද හෙට උදේ 8 ඉඳන් 8.5 වෙනකම් සංගණනය තියනවා. රිලා වඳුරු…. ඒ සංගනනයට අපිත් යන්න ඕන. නැතිනම් අපේ 225ත් එකතු කරලා දායි ඒ ගානට.
හරිනම් මේ රටේ මෙච්චර වියදම් කරලා සංගණනයක් කරලා අපේ වතුවල, අපේ ගෙවත්තේ අපේ ඉඩම්වල… අපේ 225 ඒවා කවුද ගණන් කරන්නේ. අපේ ඒවා කවුද ගණන් කරන්නේ. හරිනම් නිවාඩු දෙන්න ඕන අපිටත් පාර්ලිමේන්තුව නිවාඩු ඕන.
ඔබතුමා මේ අමාත්‍යාංශය බාරගනිද්දි මාධ්‍යයෙන් කිව්වා. ඒ යෝජනාව යට ගියා. අපිත් බලාගෙන හිටියා ඒ යෝජනාව ක්‍රියාත්මක වේවි කියලා. ඔබතුමා කිව්වා ලොකු ඉඩමක් අරන් ගෑණු රිලව් වෙනම පිරිමි රිලවු වෙනම දාලා මොකක්ද මගුලක් කරනවා කියලා.
නමුත් ඔබතුමාට ගෑනු රිලවුයි පිරිමි රිලවුයි ගෑනු වඳුරොයි පිරිමි වඳුරොයි දාලා තාම මුකුත් පටන් ගත්තේ නෑ. ඒක ගැන අපි බලාපොරොත්තුවෙන් හිටියා ඔබතුමාගේ ගෑනු රිලවු පිරිමි රිලවු මොකක් හරි වැඩපිළිවෙළක් හදයි කියලා. ඒකත් අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.
මොකද දැන් රිලවු වඳුරො මරන්නත් බෑ දෑන්. ඔබතුමාල දළදා පෙන්වන්න හදද්දි ඕව මරන්න කියලා උපදෙස් දෙන්න බෑනේ….
