බටලන්ද සභාගත කරයි.. කතානායක මූලාසනයේ හඬයි… (video)
1988-89 කාලයේ සිදුවූ ඝාතනයන් සම්බන්ධයෙන් වන බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් අද පාර්ලිමේන්තුවේ සභාගත කළේය. ඒ සම්බන්ධයෙන් දෙදින විවාදයක්ද ඉදිරියේදී පැවැත්වෙන බවත් හෙතෙම කියා සිටියේය.
වාර්තාව සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරීම සඳහා ජනාධිපතිවරයා ප්‍රධාන කැබිනට් මණ්ඩලය විසින් තීන්දුවක් ගෙන ඇති බවත් ඒ අනුව මෙම වාර්තාව නීතිපතිවරය යොමු කිරීමට පියවර ගන්නා බවත් ඔහු පැවසුවේය.
මීට අදාළ ඉදිරි කටයුතු කිරීමට උපදෙස් යෝජනා කිරීමට ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත් කිරීමටද තීරණය කර තිබේ.
එම වාර්තාව සභාගත කිරීම අවසානයේ කථානායකවරයා ඉතා හැඟුම්බර වූ අවස්ථාවක් දක්නට ලැබින.
බටලන්ද සභාගත කරයි.. කතානායක මූලාසනයේ හඬයි… (video)
2025-03-14T14:23:00+05:30
Gossip Lanka Hot News






