මඩ චෝදනාවක් නිසා මුරලි මිලියන 16,000ක ආයෝජනයක් අකුලා ගනී!
මුරලිදරන්ගේ සමාගමක් වන සිලෝන් බෙවරේජස් නමැති බීම කම්හලක් කාශ්මීර ප්‍රාන්තයේ ආයෝජනය සඳහා එකඟ වී තිබූ රුපියල් කෝටි 1650ක් එම ප්‍රාන්තයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත.
ඒ මුරලිගේ සමාගමට නොමිලයේ ඉඩම් ලබාදීමේ චෝදනාවක් එල්ලවීමත් සමගයි.
එම ආයෝජනය ඉන්දියාවේ පූනේ වෙත ගෙනයෑමට සමාගම තීරණය කර ඇත.
ජම්බු කාශ්මීර ප්‍රාන්ත සභාවේදී ඉන්දියානුවකු නොවන මේ ක්‍රිකට් ක්‍රීඩකයාගේ ආයෝජන සඳහා අක්කර 26ක් ලබා දුන්නේ කෙසේද යන්න ප්‍රාන්ත සභාවේ ප්‍රශ්නය ඇතිවූ දිනට පසුවදාම මෙම ආයෝජනය ඉවත් කිරීමට මුරලිදරන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත.
කාශ්මීරයේ කාකුවා ප්‍රදේශයේ බීම කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට මෙම ඉඩම් වෙන්කර තිබූ අතර මුරලිදරන්ට අයත් කර්මාන්තශාලා තමිල්නාඩුවේ හා කර්නාටක ප්‍රාන්තයේ ක්‍රියාත්මක වේ.
මෙම සමාගම 2000 වසරේදී සිය මෙහෙයුම් සිදුකරයි.
මඩ චෝදනාවක් නිසා මුරලි මිලියන 16,000ක ආයෝජනයක් අකුලා ගනී!
2025-03-13T14:41:00+05:30
Gossip Lanka Hot News



.webp)


