gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බටලන්දෙන් ආණ්ඩුව දෙදරයි… ජවිපෙ ඝාතන ලැයිස්තුත් එළියට… සභාගත කිරීමටත් පාර්ශ්වයක් විරුද්ධයි…!

පෙරටුගාමී සමාජවාදී පක්ෂයට බියෙන් වත්මන් ආණ්ඩුව බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සානක්‍යන් රාසමාණික්කම් පවසයි.
“බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කිරීම හරහා ජනතා විමුක්ති පෙරමුණ කළ මනුෂ්‍ය ඝාතන ලැයිස්තුත් ප්‍රකාශයට පත්වන නිසා මෙම කොමිෂන් සභා වාර්තාවෙන් කිසිම දෙයක් වෙන්නේ නෑ. මේක සභාගත කළේ නැත්නම් කුමාර් ගුණරත්නම්ගේ පෙරටුගාමී පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ තවත් කෑලි 10කට විතර කඩනවා. මේකට තියෙන බය නිසා තමයි මේක ටේබල් කළේ.

ඒ නිසා කොමිෂන් සභා වාර්තාවෙන් මුකුත් වෙන්නේ නැහැ. මම දන්න විදිහට ජේවීපි එකේ මේ ඉන්න නායකයෝත් ඒ දවස්වල අවුරුදු 18-20 අය. බටලන්ද කොමිසම හරහා ජේවිපි එක කරපු ඝාතනවලත් දැන් ලිස්ට් එලියට එනවා. ඒවා සම්බන්ධව පරීක්ෂණ කරන්න වෙන හින්දා ජේවිපි එකේ ගොඩක් අය කැමති වුණේ නෑ මේක සභාගත කරනවාට. මේකෙන් වෙන්නේ සභාගත කිරීම පමණයි. මම අද කැට තියලා කියුවා කියලා හිතාගන්න. කතානායකතුමා සංවේදි වෙනවා මම දැක්කා. අපිත් සංවේදියි මේ වගේ දේවල්වලට. හැම දේකට ම සංවේදී වෙනවා නම් හොඳයි.”

අද (15) පාර්ලිමේන්තුවේදී පැවැති අයවැය කාරක සභා අවස්ථාවට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka