gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

දළදා ප්‍රදර්ශනය කරන දිනයන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි!

අප්‍රේල් 18 සිට 27 තෙක් දින 10ක් දළදා ප්‍රදර්ශනය සිදුකරන්නට දින නියම කරයි...
සිංහලයේ මුදුන් මල්කඩ ලෙස සලකන ශ්‍රී දළදා වහන්සේ මහජනතාව සඳහා ප්‍රදර්ශනය කරන අති උතුම් දළදා ප්‍රදර්ශනය අප්‍රේල් 18 සිට 27 වැනිදා දක්වා දින 10ක් පුරා පැවැත්වෙන බව දියවඩන නිලමේ නිලංග දෑල අද (02) දළදා මාළිගාවේ දී නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. 
දියවඩන නිලමේවරයා මෙම දින ප්‍රකාශ කිරීම සිද්ධ කරන්නේ දළදා ප්‍රදර්ශනය පිළිබඳව අද ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව ඒළඹි තීන්දු ප්‍රකාශයට පත් කරමිනි.

වසර 19කින් පසු පැවැත්වෙන මෙම දළදා ප්‍රදර්ශනය අප්‍රේල් 18 වැනිදා සවස 3.30ට ආරම්භ වන්නේය. අනෙක් සියලුම දිනවල දහවල් 12 සිට ප්‍රදර්ශනය ආරම්භවන අතර සෑම දිනයකම සවස 5.00 දක්වා ප්‍රදර්ශනය පැවැත්වෙන්නේය.

විශේෂත්වය වන්නේ දළදා වහන්සේ වැඳපුදා ගැනීම සඳහා කිසිම පුද්ගලයෙකුට ප්‍රභූ අවසරපත් නිකුත් නොකිරීම බවත් සියලුම සැදැහැවතුන් එක හා සමාන අවස්ථාවක් ලබමින් දළදා වන්දනා කරගැනීමට ඉඩ කඩ සලසා ඇති බවත් දියවඩන නිලමේවරයා විසින් ප්‍රකාශ කිරීමය.

තිස් දහසකට ආසන්න පිරිසකට ත්‍රියේ දන්සලක් පැවැත්වීමට දළඳා  මාලිගාවේ කාර්මණ්ඩලය කටයුතු යොදා ඇත.
-lankasara
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka