දහස් ගණනක් වද බන්ධනයට ලක් කර මරා දැමූ බටලන්ද වධකාගාරය පිළිබඳව ඉදිරිපත් වුන බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එම කොමිෂන් සභාවේ නිර්දේශ කර ඇති ආකාරයට රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රජා අයිතිය හෝ අහෝසි කිරීම සිදුකිරීමට මේ ආණ්ඩුවට හැකිදැයි තමන් දැඩි අවධාරණයකින් යුතුව බලා සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව අද ප්‍රකාශ කළේය.
ජාත්‍යාන්තර මාධ්‍ය හමුවට ගොස් දාම ඝාතකයෙක් කරන මේ උසුලු විසුළුවලට වින්දිත ජනතා විමුක්ති පෙරමුණයට නෛතිකව පිළිතුරු දීමට ඉතිහාසයේ හොඳම අවස්ථාව ලැබී ඇති බව කී දුමින්ද නාගමුව මරා දැමූ විජේදාස ලියනආරච්චි ඇතුළු සිය ගණනක් සහෝදරවරුන්ගේ ජීවිත සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ගය සම්බන්ධව ජනාධිපතිවරයා කටයුතු කරන ආකාරය කුමක්දැයි රටේම අවධානයට ලක්වන මොහොතක් පැමිණ ඇති බව ද අවධාරණය කළේය.
ඔහු කීවේ මෙවැන්නකි.
බටලන්ද කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. අද 159ක් ඉන්නවා ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු. එකේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයො විශාල ප්‍රමාණයක් ඉන්නවා. මේ සියලු දෙනාට හැකියාව තියනවා මේ කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ගේන්න. රනිල් වික්‍රමසිංහට එරෙහිව බටලන්ද කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න.
මෙතන පනත් සම්මත කරන්න දෙයක් නෑ. නීති සම්මත කරන්න දෙයක් නෑ. කොමිෂන් සභා වාර්තාවක් තියනවා 1997 ඉදිරිපත් කරපු. රනිල් වික්‍රමසිංහ සහ බටලන්ද කොමිසමේ වෙච්ච ක්‍රියාවලිය සම්බන්ධ. ඒ කොමිෂන් සභා වාර්තාව සභාගත කරන්න. කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න. රනිල් වික්‍රමසිංහගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න අවම වශයෙන්. ඒ වගේම ඔහුට විරුද්ධව නඩු පවරන්න.
බටලන්ද වධකාගාරය ඇතුළෙ ඔහුගේ ඉතාම ප්‍රිය ජනක දසුනක් වෙලා තිබුණා කියලා වාර්තා වෙනවා ඔහු කැමැත්තෙන් හිටියා කියලා බ්‍රැන්ඩි බිබී වද දෙන තරුණයො දිහා බලන්න.
මෙච්චර කාලයක් යට ගහලා තිබුණු රනිල් වික්‍රමසිංහ ජාත්‍යාන්තර මාධ්‍ය ඉස්සරහට ගිහිල්ලා උසුලු විසුලු කරන මේ බටලන්ද කොමිසම් වාර්තාවට යුක්තිය ඉෂ්ඨ කරන්න අද ජනතා විමුක්ති පෙරමුණට අවස්ථාව ඇවිත් තියනවා.”