ඊබ්‍රාහීම්ට එරෙහි පාස්කු බෝම්බ නඩුවේ සාක්ෂිකාරිය රටින් පිටවේ.. නඩුව කල් යයි..
පාස්කු දින මෙරටට එල්ල වූ ත‍්‍රස්ත ප්‍රහාරය වසන් කිරීමේ චෝදනා එල්ල වී ඇති කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහීම් සහ තවත් දෙදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව විභාගය ජූලි මස 02 දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද නියෝග කලේය.
මෙම නඩුවේ සාක්ෂිකාරියක වන ඔහුගේ නිවසේ සේවය කළ තැනැත්තිය විදේශගතවී ඇති බව නඩුව කැදවූ අවස්ථාවේ හෙලි වූ අතර තවත් සාක්ෂිකාරියක විදේශගතවීමේ අවදානමක් පවතින බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට පැවසුවේය.
ඒ අනුව එම සාක්ෂිකාරියට යළි සිතාසි නිකුත් කිරීමට නියෝග කල අතර ඇය විදේශගතවීමට අදාළ වාර්තා ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් කැඳවා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ද නියෝග කර ඇත.
-lankacnews
ඊබ්‍රාහීම්ට එරෙහි පාස්කු බෝම්බ නඩුවේ සාක්ෂිකාරිය රටින් පිටවේ.. නඩුව කල් යයි..
2025-03-24T22:48:00+05:30
Gossip Lanka Hot News






