gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සුජීව සේනසිංහ අත්අඩංගුවට ගැනීමේ සූදානමක්..

එකලස් කළා යැයි කියන වී-8 වර්ගයේ සුඛෝපභෝගී මෝටර්රථය සම්බන්ධයෙන් කරන විමර්ශන වලට අදාළව රහස් පොලිසිය තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවියට අපේක්ෂිත ඇප ඇයැදුම් පත්‍රයක් ඉදිරිපත් කළේය.

සුජීව සේනසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කරුණු දක්වමින් වැඩබලන පොලිස්පතිවරයාට ලැබුණු පැමිණිල්ලකට අනුව වලාන දූෂණ මර්ධන ඒකකය පසුගිය නොවැම්බර් මාසයේදී වරෙන්තුවකට අනුව තම සේවාදායකයාගේ නිවස සෝදිසි කළ බවත් සුජීව සේනසිංහ මහතාගේ නිවසේ එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානයේ නිල ඇඳුම් සහ නීති විරෝධී වාහන තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයි අධිකරණය කරුණු වාර්තා කරමින් පොලිසිය එම සෝදිසි වරෙන්තුව ලබාගෙන තිබූ බවත් පැවසීය.

වලාන දූෂණ මර්ධන ඒකකය නිවස සෝදිසි කරන අවස්ථාවේ බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් සහ වෝක්ස්වැගන් වර්ගයේ මෝටර් රථ දෙකක් සුජීව සේනසිංහ මහතාගේ නිවසේ තිබූ බවත් පොලිස් නිලධාරීන් සේනසිංහ මහතාගේ නිවස සෝදිසි කරන අවස්ථාවේ එතැන සිට මෝටර් රථ දෙපාර්තමේන්තුව අමතා එම වාහනවල ලියපදිංචිය තහවුරු කරගෙන තිබූ බවත් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා පැවැසුවේය.

තම සේවාදායකයාගේ නිවසේ තිබු මෝටර් රථවල ගැටළුවක් නොමැති බවට පසුගිය වසරේ නොවැම්බර් 7 වැනිදා පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇතැයිද ඔහුට අයත් වී-8 වර්ගයේ සුඛෝපබෝගී මෝටර් රථයක් පිළිබඳ විමර්ශනය කිරීමට අවශ්‍ය බව දැනුම් දී ඇතැයිද පැවසු ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ප්‍රශ්නගත වී-8 වර්ගයේ මෝටර් රථය විර්ශන සඳහා රහස් පොලිසියට තම සේවාදායකයා කැමැතතෙන් දුන්නේ යැයිද ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ප්‍රකාශ කර සිටියේ එහිදී අධිකරණය බාරයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවඑම රථය රඳවා තැබීමට අධිකරණය නියෝගයක් ලබා ගන්නා බවත් එම අවස්ථාවේදී වාහනය එකලස් කළ එකක් දැයි යන්න තහවුරු කර ගැනීම සඳහා රස පරීක්ෂකවරයා වෙත යොමුකරන බවත්ය.

පසුගිය වසරේ නොවැම්බර් 25 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ වී-8 වර්ගයේ මෝටර් රථයට අදාළ රස පරීක්ෂක වාර්තාවට අනුව එම රථයේ පැස්සුමක් ඇතැත් එහි ‘එන්ජිම” සහ ‘බඳ’ පිළිබඳ’ ගැටළු නොමැති බව සඳහන්ව ඇතැයි කී ජනාධිපති නීතිඥවරයා පෑස්සුමට හේතුව වාහනය අනතුරට ලක්ව තිබීමදැයි පූර්වගාමී මහේස්ත්‍රාත්වරිය පොලිසියෙන් ප්‍රශ්න කළ බවද ඉන්ද්‍රතිස්ස මහතා පැවැසුවේය.

අනතුරුව වී8 වාහන සුජීව සේනසිංහ මහතාට පැවරූ ලිපිගොනුවල තිබූ අත්සන මුල් අයිතිකරුගේම දැයි සෙවීමට රහස් පොලිසිය ශ්‍රී රංගාට අයත් ලේඛන 37ක් අත් අකුරු පරීක්ෂකවරයා වෙත යොමුකර තිබූ බවත් එහිදී වාහනය පැවරීම සඳහා අවශ්‍ය වූ ලේඛන සියල්ලන්ගේම ඇත්තේ ශ්‍රී රංගාගේ අත්සන බව තහවුරු වූ බවත් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ප්‍රකාශ කළේය.

මෝටර් රථවාහන පනත යටතේ සුජීව සේනසිංහ මහතා වරදක් කර නොමැති බවට පැමිණිල්ලද පිළිගන්නා තත්වයක් තුළ ද්වේශ සහගත අකාරයකින් විමර්ශන සිදුවන බව පෙනෙන්නට ඇතත් ඒ පිළිබඳ මේ රජයට තමන් දොස් නොකියන බවත් ඉන්ද්‍රතිස්ස මහතා පැවැසුවේය.

කරුණු සලකා බැලීමෙන් අනතුරුව ලබන 28 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් රහස් පොලිසියට නොතීසි නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය මේ සම්බන්ධයෙන් විරෝධතා ඇතොත් එදින අධිකරණයට ගොනු කිරීමටද නියම කළය.සුජීව සේනසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ඇතුළු නීතිඥ මඩුල්ලක් පෙනී සිටියහ

සචිත්‍ර ගුණසේකර
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka